2026-02-12
mediahumanrights.lk
Local NewsNews

ඛණිජ තෙල් සේවක වර්ජනය නිසා ඉන්ධන බෙදා හැරීම නවතියි – පිරවුම්හල්වල දිගු පෝලිම් – ගාල්ලේ ගැටුම් (PHOTOS)

ඛණිජ තෙල් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ දිවයින පුරා බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඊයේ (23) පස්වරුවේ සිට දිගු පෝලිම් දක්නට ලැබුණා.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමක් කළා. නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.
ගාල්ල නගරයේ ඊයේ රාත්‍රී කාලයේදී ඉන්ධන පිරවුම්හල් අවට ඉතා දිගු පොළිම් දක්නට ලැබුණා. සමහර ස්ථන වල කිලෝමීටර් 2 පමණ දිගු පොළිම් දකින්න ලැබුණා. ඒ වගේම ඇතැම් ඉන්ධන  පිරවුම්හල් අසළ ගැටුම්ද ඇති වුණා.  තමන්ගේ වාහනයට අමතරව බෝතල් වලට හා බැරල් වලටද ඉන්ධන පුරවා ගන්නා  ආකාරයක් දක්නට ලැබුණා. ඒ වගේම අපි ඉන්ධන පිරවුම්හල් වලින් විමසා සිටියා අවශ්‍ය තරම් තෙල් තිබෙනවාද කියා. එහිදී ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමියන් පැවසුවේ අවශ්‍ය තරම් ඉන්ධන නොමැති බවයි.
උතුරු පළාතේ බොහෝ ඉන්ධනහල් සේවකයින් ද මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට එක්ව සිටින බවයි නෙත් නිවුස් වව්නියාව වාර්තාකරු මාධව කුලසූරිය සඳහන් කළේ.
වර්ජනය ක‍්‍රියාත්මක වුවද කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලට පැමිණෙන යානා සඳහා ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.
කෙසේ වෙතත් මහනුවර දිස්ත‍්‍රික්කයේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි මහනුවර නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායක සඳහන් කළේ.

(under the courtesy of newsfirst.lk web)

Related posts

කොරෝනා මැද යුරෝපය සංචාරක කර්මාන්තය යළි අරඹයි – සංචාරකයන්ට පැනවූ බාධාත් ඉවත් කෙරේ

Shiran Viraj

කොළඹ නගර සභාවට පොහොට්ටුව යෝජනා කළ නගරාධිපති අපේක්ෂකයා බෑ කියයි – අද දිනයේ අලුත් අපේක්ෂකයෙක් සොයයි

Shiran Viraj

බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රුපියල් මිලියන 250ක මුදල් පරිත්‍යාගයක්

Shiran Viraj
Translate »