mediahumanrights.lk
Local NewsNewsPolitical

කොන්දේසියක් මත ෆොන්සේකා අලුත් තනතුරට එකඟයි

ආරක්ෂක අංශ මෙහෙයවීමේ වගකීම තමන් භාර ගනු ලබන්නේ අමාත්‍ය ධුරයේ වගකීම්වලට අමතරව බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු බවයි.
කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ අමාත්‍ය සරත් ෆොන්සේකාට නව වගකීමක් භාර දෙන්නේ නම් ඔහු අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බවයි.
කැබිනට් මණ්ඩලයේ දී ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් ද අමාත්‍ය සරත් ෆොන්සේකා අදහස් දැක්වූවා.
එහිදී ඔහු සඳහන් කළේ “අමාත්‍ය ධූරයේ ඉන්න කමන් අමතර වගකීමක් හැටියට තමයි ඒ යෝජනාව ආවේ. නමුත් මේක ගැන තාම සිදු කරන ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කලේ නැහැ. ජනාධිපතිතුමා මට තාම නිශ්චිත උපදෙස් ලබාදීලා නැහැ. ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ. රජයේ පරිපාලනයට බාධා වන අයුරින් නොයෙක් දේශපාලඥයන්ගේ උවමනාවට කටයුතු කරන්න ඉඩ දෙන්න බැහැ.” යනුවෙනි.

(under the courtesy of nethfm news web)

Related posts

'එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ නව ව්‍යාපාර 225ක්

Shiran Viraj

යළි ඉපදෙන 'කොළඹ සන්නිය'

Shiran Viraj

වැ‍ලේ වැල් නැතුව කාගේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න අයව අවුස්සගන්න එකත් තේරුමක් නැහැනේ – අනිත් එක තමයි ඇය මට හරිම පිළිකුල් නිළියක් – විශ්ව ලංකා

Shiran Viraj
Translate »