mediahumanrights.lk
Local NewsNews

කුණු ගැටලුවට උද්ඝෝෂණය කරන අයට අනතුරු ඇඟවීමක්

දේශපාලනිත අවශ්‍යතාවයන් මත කොළඹ කුණු ගැටලුවට උද්ඝෝෂණ හා විරෝධතා පැවත්වීම කනගාටුවට හේතුවක් මෙන්ම කුණු ගැටලුව හදිසි අවශ්‍යතාවයක් මෙන් නොසිතා සියලු ජනතාව එක් වී විසඳුම් නොගතහොත් සමස්ථ ජනතාවට කුණු නිවසේම තබා ගන්නට වන බවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (23) වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී ජනපති ජනතා සේවය නිලමෙහෙවරේ ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දීමේ වැඩසටහනට සහභාගී වෙමින්.
මෙහිදී අමාත්‍ය වරයා වැඩිදුරටත් කියා සිටියේ,
මේ කුණු ගැටුලුව ජාතික ප්‍රශ්නයක් වෙලා ඉවරයි. මේකට කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් සොයන්න වෙලා තියනවා. මේ වෙනකොට ජනාධිපති තුමත් අගමැති තුමත් දීර්ඝ කාලීන විසඳුම් කිහිපයක් දීලා තියනවා. කෙටි කාලීන විසඳුමක් විදිහට මේ කුණු වෙනත් තැනකට අරන් යන්න වෙලා තියනවා. මෙහෙම අරන් යන කොට මහජනතාව විරෝධය පල කරනවා. මේක බොහොම වැරදි දෙයක් දැන් කොළඹට පිට පලාත්වලින් ලක්ෂ 10 කට වැඩි ප්‍රමාණයක් පැමිණෙනවා ඒ සියලුම කුණු කොළඹ කලමණාකරනය කරගත යුතුයි.
මේ වගේ වෙලාවකදී උද්ඝෝෂණ නෙමෙයි කළ යුතුව තියෙන්නේ. මේවට කුණු ගේන පලාත්වල කමිටු පත් කරල විසඳුම් හොයන්න ඕන එහෙම නැතිව දේශපාලනික අවශ්‍යතාවයන්වලට විරෝධතා පැවත්වීම කනගාටුවට කරුණක්.
ඒ වගේම මේක හදීසි අවශ්‍යතාවයක් නිසා මහජනතාව සියලු දෙනාම එක් වෙලා විසඳුමක් ගන්න ඕන වෙලා තියනවා. එහෙම විසඳුමක් ගත්තෙ නැත්තම් සමස්ථ ජනතාවම තමන්ගේ කුණු නිවසෙම තියාගන්න වෙනවා නැත්තම් සියලු දෙනා එක්ව විසඳුමක් තියාගන්න වෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

කෑමට නුසුදුසු දේ දුන් ආයතන 2716ට නඩු

Shiran Viraj

කණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Shiran Viraj

අමුතු සතෙක් සමාජ ජාල කලඹයි – Photos

Shiran Viraj
Translate »