28.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

කුණු කන්දට සැඟවුණු මිනිස් ජීවිත සොයා අදත් මෙහෙයුම්

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා.
මෙම ආපදාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 26 දෙනෙක්. අවතැන්වූවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.
මේ අතර මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් සිදු වූ දේපල හානි තක්සේරු කිරීම අද (17) ආරම්භ වනවා. තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ සහ කොලොන්නාව ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම තක්සේරු කිරීම් සිදු කරන බවයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ.
සියලූ තක්සේරු කිරීම් දින පහක් ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා. මෙම ආපදාව සිදු වූ මොහොතේ සිට අවුරුදු නිවාඩුව ද නොසලකා බේරා ගැනීමේ මෙහෙයුම්වලට සහ සහන සේවාවලට එක් වූ සියලු නිලධාරීන්ට සිය ස්තූතිය ද පුද කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

ජාතික සාම සභාවෙන් රජයට ඉල්ලීමක්

Shiran Viraj

උතුරු කොරියාවෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවීම ගැන සැකයක්

Shiran Viraj

මන්ත‍්‍රිලාට වාහන හෝ බලපත‍්‍ර නෑ.. රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක්..

Shiran Viraj
Translate »