28.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

"කසාද නොබැඳ එක වහලක් යට ඉන්න මම කැමතියි"- ආශාවරී කියන අලුත්ම කතාව

කසාද බඳින්නෙ නැතිව එක වහලක් යට ජීවත් වීම ගැන කවුරු මොනවා කිව්වත් එය මේ සමාජයේ අපිට ඕනෑ තරම් දකින්න ලැබෙන දෙයක්. Living together ගැන, මේ දවස්වල වැඩිපුරම සමාජ ජාල හරහා කතාවෙන තරුවක් වන ඕෂධී හිමාෂා අදහස් පළ කරලා තිබුණා.
ඇය කියා ඇත්තේ මෙහෙමයි.
මට නම් ඇත්තටම කියන්න තියෙන්නෙ මෙය හොඳ දෙයක් කියලයි. මොකද දෙන්නෙකුට අවබෝධ කරගන්න තියෙන ඉඩ වැඩියි එකට ජීවත් වුණාම. විවාහ වෙලා එකට ජීවත් වෙන විට තේරුම් ගන්න බැරිද..? මෙහෙමයි අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ පුරා දික්කසාදය වැඩිවෙලා තියෙනවා. ඇත්තටම විවාහ වෙලා පස්සෙ ගැලපෙන්නෙ නෑ කියලා දික්කසාද වෙනවට වඩා එකට ජීවත් වෙලා නොගැලපෙන බව තේරුම් අරගෙන වෙන් වෙන එක හොඳයි.
මේ කාරණය අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ කියන අදහස බරපතල විදිහට තියෙනවා නේද..?
මම නම් මේ සංකල්පයට කැමතියි.. ආසයි. අපේ රටේ සංස්කෘතිය අරගෙන බලද්දි මේක නොගැලපෙන්න පුළුවන්. ඒත් මම මෙහෙම කියන්නෙ ඒ දිහා බලලා නෙමෙයි. දෙන්නෙක් අතර අවබෝධයක් ඇති කරගන්න එකට ජීවත් වෙන්න හැකිද කියන දේ තේරුම් ගන්න Living together ඉතා හොඳ අවස්ථාවක්
(under the courtesy of adaderana news web)

Related posts

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘කොටසකට’ නිදහස් පක්ෂය විරුද්ධයි

Shiran Viraj

පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ රහස් සොයා චීනය මෙහෙයුමක් අරඹයි

Shiran Viraj

බොල්ගොඩ වේල්ලක් අනතුරේ! පොලිස් වසම් 06ක් අවධානමේ

Shiran Viraj
Translate »