mediahumanrights.lk
Local NewsNewsPolitical

අගමැති වියට්නාම නිල සංචාරය අරඹයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය වියට්නාම නිල සංචාරය  ආරම්භ කරමින් එරට හැනොයි නගරයේ තොයිබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වී තිබේ.
වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහාය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් විසින් අග්‍රාමාත්‍යවරයා ගුවන්තොටුපළේ දී පිළිගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා ගුවන්තොටුපලේ විශේෂ හමුදා උත්තමාචාර පෙළපාලියක් ද පවත්වා තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය වියට්නාම නිල සංචාරය තුළදී, එරට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
වියට්නාම නිල සංචාරය ලබන 19 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණ ද මීතොටමුල්ලේ සිදුවූ ඛේදවාචකය හේතුවෙන් සංචාරය කෙටිකර කඩිනමින් යළි දිවයිනට පැමිණීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ඇදිරි නීතිය කැඩු හතරකට පොලිසිය වෙඩි තබයි.. තිදෙනෙක් රෝහලේ..

Shiran Viraj

විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..

Shiran Viraj

කාවන් රත්නායක ලංකා බැංකු සභාපති ධුරයට පත් කරයි…

Shiran Viraj
Translate »