2026-02-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

අගමැති වියට්නාමයට යයි

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) වියට්නාමයේ නිල සංචාරයක නිරත වෙයි.
වියට්නාම අග්‍රමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු මහතාගේ ආරාධනයකට අනුව අග්‍රමාත්‍යවරයා එරට සංචාරයේ නිරත වන බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
අග්‍රමාත්‍යවරයාගේ වියට්නාම සංචාරය අද සිට ලබන 19 වනදා දක්වා ක්‍රියාත්මකය.
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කර ගැනීම, වෙළඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇති කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ.
එහිදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එරට අග්‍රමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය නායකයින් අතර ද්වීපාර්ශවික සාකච්ඡා සිදු කිරීමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
වියට්නාම සංචාරය සඳහා අමාත්‍ය මහින්ද අමරවීර, හරීන් ප්‍රනාන්දු, මනෝ ගනේෂන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වෙයි.
ජපානයේ නිල සංචාරයක නිරත වුණු අග්‍රමාත්‍යවරයා එම සංචාරය අවසන් කර වියට්නාමය බලා පිටත් වන බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

අවසන් රැලියට එකම තැනක් ඉල්ලා රනිල්-සජිත් ගැටේ…

Shiran Viraj

මන්ත‍්‍රීවරු 93ක් අගමැති රැස්වීම වර්ජනය කරති

Shiran Viraj

අවධානයෙන් සිටින්න ! ඔබේ බැංකු රැකියාව දේශපාලනඥයින් උදුරාගත හැක

Shiran Viraj
Translate »