mediahumanrights.lk
Local News News

පාස්කු ඉරිදා දිනය අදයි

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් පසු නැවත උට්ඨානය වීම සිදුවු පාස්කු ඉරිදා දිනය අදයි.
පාස්කු උත්සවයට පෙර පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන් කිතුණු බැතිමතුන් විසින්  සමරනු ලැබීය.
මිනිස් ජීවිතයට විමුක්තිය ලබාදුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උට්ඨානය සමරමින් දිවයින පුරා කිතුණු දේවස්ථානවල අද ආගමික සැමරුම් සංවිධානය කර තිබේ.
මේ අතර පාස්කු ඉරිදා වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ අතිමහත් බැතියෙන් පාස්කුව සමරනු ලබන ලෝ වැසි කිතුණු ජනතාව විසින් පැවසෙනුයේ මනුෂ්‍යත්වය අතික්‍රමණය කර දේවත්වයට පත්වීමේ අනුත්තර වු අනුහසක් එකී අසහාය පරිත්‍යාගය විෂයෙහි කැටපත්ව ඇති බවයි.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් සුබාශිංෂණ පණිවිඩයක් නිකුත් කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

Online ඉගැන්වීම අමානුෂික ජාවාරමක් වෙයි..

Shiran Viraj

ප්‍රංශය දේශ සීමා නීති දැඩි කරයි

Shiran Viraj

රවී යද්දී මුදල් අමාත්‍යාංශයේ කෑලිත් ගළවගෙන ගිහින්

Shiran Viraj