mediahumanrights.lk
Local News News

දෙවන පාසල් වාරය ඇරඹේ

රජයේ පාසල්වල දෙවන වාරය අද ආරම්භ වනවා. දෙවන පාසල් වාරය අවසන් කෙරෙන්නේ අගෝස්තු 4 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
මේ අතර පාසල් පරිශ‍්‍ර පිරිසිදු කිරීමට හා පවතින උණුසුම් කාලගුණයට මුහුණ දීමට සිසුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
දෙවන පාසල් වාරය හෙටින් ආරම්භ වීමට නියමිත අතර සිසුන් දැනුවත් කිරීම සදහා දෙමාපියන් , ආදි ශිෂ්‍යන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ පළාත් පාලන ආයතනවල නිලධාරීන්ගේ ද සහය ලබා ගන්නා ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත්තේ.
පාසල් පරිසරය මදුරුවන්ගෙන් සහ කසළවලින් තොර පරිසරයක් පත් කිරීම මෙහි අරමුණයි. පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය නිසා ඇති වන අපහසුතා වළක්වා ගැනීමට පාසල් සිසුන් එළිමහන් ක‍්‍රියාකාරකම්වල යෙදවීම අවම කරන ලෙස ද මෙහි දී උපදෙස් ලබා දී තිබෙනවා.
ජලය පානය කිරීමට සිසුන් උනන්දු කරවීමට හා හිරු රශ්මියට ඔරොත්තු දෙන හිස් වැසුම් සහ කුඩ ආදිය භාවිතයට පෙළඹවීමටත් විදුහල්පතිවරුන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නා. පානීය ජල පහසුකම් ලබා දීම සදහා පාසල්වල ඇති ජල ටැංකි පවිත‍්‍රතාව පිළිබදව ද විශේෂ අවදානයක් යොමුකරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…

Shiran Viraj

ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා නිදහස් කර යවයි

Shiran Viraj

මෙවර සහල්, ලුණු ප්‍රශ්නය ගිය ආණ්ඩුවේ.. එන අවුරුද්දේ ආවොත් අපේ..- ඇමති

Shiran Viraj