31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
BusinessBusiness NewsNews

දුම්කොළ වගා කරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 300 ක් දක්වා අඩුවෙයි

ජය විසින් දුම්කොළ වගාව අවම කිරීමට තීරණය කිරීමෙන් පසු මෙරට දුම්කොළ වගා කරන බිම් ප්‍රමාණය හෙක්ටයාර 300 ක් දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
කෘෂිකර්ම අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, එම තීරණයට පෙර මෙරට දුම්කොළ වගාව හෙක්ටයාර 2500 ක් පමණ වුණා.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ දුම්කොළ වගා කළ ගොවීන් සෝයා, කෙසෙල්, ගම්මිරිස් වැනි වගාවන් කෙරෙහි යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.
දුම්පානය හේතුවෙන් මියයන ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙවැනි තීරණයක් ගත් බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
දුම්පානය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් විසිපන් දහසක් පමණ වාර්ෂිකව මියයන බවට අනාවරණ වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
ඔවුන්ගෙන් සියයට පහක් මිය යන්නේ අප්‍රාණික දුම් පානය හේතුවෙන්.
(under the courtesy of nethfm news web)

Related posts

ඔබ ‘Dark Mode’ භාවිතා කරන්නෙක්ද? – ඇස් රකින නිවැරදි ක්‍රමය මෙන්න

Shiran Viraj

රසාක් – මෛත්‍රී අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා

Shiran Viraj

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය වූ බව ඉරානය තහවුරු කරයි

Shiran Viraj
Translate »