mediahumanrights.lk
Local News News

කසල කන්ද බිලිගත් 14 කගේ අවසන් කටයුතු අද

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් මියගිය තවත් පිරිසකගේ අවසන් කටයුතු අද (17) සිදු කෙරෙනවා.
ඔවුන්ගේ දේහයන් අවසන් කටයුතු සඳහා රැගෙන යන්නේ මහජන පෙළපාලියකින් බවයි මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පවසන්නේ.
එහි සභාපති නීතිඥ නුවන් බෝපගේ සඳහන් කළේ අද දිනයේදී මෙම ව්‍යවසනයෙන් මිය ගිය පුද්ගලයින්ගේ දේහයන් 06 ක් මීතොටමුල්ල ඩිපෝව අසළ තැන්පත් කර ඇති බවයි. තවත් දේහයන් 03 ක් මෙම ස්ථානයට රැගෙන ඒමට නියමිත බවත් සඳහන් කළා. ඊට අමතරව කොලොන්නාව රජමහ විහාර පරිශ්‍රයේ දේහයන් 05 ක් ඇති බවද පැවසුවා.ඒ අනුව දේහයන් 14 ක අවසන් කටයුතු අද දිනයේදී කොලොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බවත් පැවසුවා.
කොලොන්නාව කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු කීර්ති රත්න පෙරේරාගේ බිරිඳ, බෑණා සහ මිණිබිරිය යන අයගේ අවසන් කටයුතුද අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
කසල කන්ද කඩා වැටුණු ප‍්‍රදේශයේ බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මක වනවා.
ඒ පිළිබඳ කරුණු දක්වන හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ සෝදිසි මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ද මේ වන විට මෙම ස්ථානයට ළඟා වී ඇති බවත් පෙන්වා දුන්නා.
පොලිස් මෙහෙයුම් මැදිරියට ලැබී ඇති දත්තවලට අනුව මෙම ආපදාවෙන් පුද්ගලයින් 1100කට වැඩි පිරිසක් අවතැන් වී සිටිනවා.
ඔවුන් සඳහා අවශ්‍ය සහන සේවා අඛණ්ඩව සපයන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ආපදාවෙන් තුවාල ලැබූ තුන් දෙනෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා. ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය ක‍්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවයි එහි ප‍්‍රකාශිකාවක් පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

තවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..

Shiran Viraj

සිපෙට්කෝ පොකුරක් ඇතිකර රටම අඩපණ කරන්න සැලසුමක්..

Shiran Viraj

ගර්භණී භාවය සැලසුම් කරන ඔබ කල යුතුම දේවල් 10ක්

Shiran Viraj