2026-09-07
mediahumanrights.lk
Local NewsNews

අමාත්‍යාංශ 38 ක්‌ අසාර්ථකයි

ගතවූ වසර දෙක තුළදී නියමිත ඉලක්‌කයන් වෙත ළඟා නොවූ රාජ්‍ය අමාත්‍යාංශ 38 ක්‌ ඇති බවට රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට විශේෂ වාර්තාවක්‌ මගින් දැනුම් දී ඇතැයි වාර්තාවේ.
මෙම රාජ්‍ය අමාත්‍යාංශ අතර ජාතික මට්‌ටමේ අමාත්‍යාංශ කිහිපයක්‌ ද තිබීම විශේෂත්වයක්‌ වන අතර මෙම අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල් පවා වියදම් කර නොමැති බව එහිදී හෙළිවී ඇත.
මෙම තත්ත්වයට එම අමාත්‍යාංශයන්හි ලේකම්වරුන්ගේ අකාර්යක්‍ෂමතාවය ද ප්‍රධාන වශයෙන්ම බලපා ඇතැයි ද එම වාර්තාවේ සඳහන් කර ඇත.
අදාළ අමාත්‍යාංශ පිළිබඳ අගමැතිවරයා සිය ජපාන හා වියට්‌නාම සංචාර නිමාකර පැමිණි පසු ඒවායේ ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, ලේකම්වරු අරලියගහ මන්දිරයට කැඳවා මේ පිළිබඳ විමසීමට නියමිත බව වාර්තා වේ.
(under the courtesy of asianmirror news web)

Related posts

ඩැමස්කස් ගුවන් තොටුපළ ආසන්නයේ දැවැන්ත පිපිරීමක් (VIDEO)

Shiran Viraj

ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

Shiran Viraj

සංකීර්ණයෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්න යයි

Shiran Viraj
Translate »