mediahumanrights.lk
Local NewsNews

හෙරොයින් මත්කුඩු කිලෝ දහතුනේ සැකකරු අද අධිකරණයට

හෙරොයින් මත්කුඩු කිලෝ ග‍්‍රැම් 13ක් සමග ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැණුනු සැකකරු අද (7) මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනවා.
පොලිසිය පැවසුවේ  මේ වන  විට සැකකරුගෙන් මූලික ප‍්‍රශ්න කිරීම් සිදු කරන බවයි.
‘‘ජපන් චූටි‘‘ නැමති මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි දැනට සිදු කෙරුණු විමර්ශනවලදී අනාවරණ වි ඇත්තේ.
සැකකරුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලට අනුව ග‍්‍රෑන්ඞ්පාස් වදුල්ලවත්ත ප‍්‍රදේශයේ නිවසක්ද ඊයේ පරික්ෂාවට ලක් කෙරුණා.
එම නිවස ජපන් චූටි නැමැත්තාගේ නෑදෑයෙකුට අයත් බවයි පොලිසිය පැවසුවේ.
එම නිවසේ තිබී  රුපියල් මිලියන 36කට ආසන්න මුදලක්ද සොයා ගැණුනා.
එය මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් මුදලක් බවටයි පොලිසිය සැක පළ කරන්නේ

Related posts

උතුරු මුහුදේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 52ක් නිදහස් කරයි..

Shiran Viraj

කොරෝනා බියෙන් ජනතාව භාණ්ඩ රැස්කරති.. වෙලදසැල්වල තදබදයක්.. බාර්වල පෝලිම්.

Shiran Viraj

යුරෝපා සංගමය ගරා වැටෙයි.. බි‍්‍රතාන්‍ය ඉන් ඉවත් වේ..

Shiran Viraj
Translate »