mediahumanrights.lk
Local NewsNews

හමුදා සෙබලෙකුට බිරිඳ පහර දෙයි

තම බිරිඳ තියුණු ආයුධයකින් හිසට සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබලෙකු ප්‍රතිකාර සඳහා ඊයේ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිය බිරිඳගේ පහරදීම හමුවේ ඔහු තුවාල සහිතව දඹුළු – හල්මිල්ලවැව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක් අසළට පැමිණ ඇත්තේ කවුරුන් හෝ ඔහුව රෝහලකට ඇතුළත් කරනු ඇතැයි අපේක්ෂාවෙන්.
එහෙත් මෙම සෙබලා රෝහල්ගත කිරීමට කිසිවෙකු ඉදිරිපත් වී නොමැති අතර 119 පොලිස් හදිසි දුරකථන අංකයට ලද ඇමතුමකට පසු ගල්කිරියාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් මෙම සෙබලා රෝහල් ගත කර තිබුණා.
මෙලෙස තුවාල ලැබුවේ ගල්කිරියාගම – ගිරානේගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තිදරු පියෙකු වන අතර, ඔහු පනාගොඩ යුද හමුදා පොදුසේවා බලකායට අනුයුක්තව සේවය කරන සෙබලෙකු බව සදහන්.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුවන්නට ඇතැයි පොලීසිය ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මෙම හමුදා සෙබලාගේ බිරිඳ ගල්කිරියාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වන දා දක්වා ඇය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කතෘ අයිතිය – හිරු ප්‍රවෘත්ති

Related posts

සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි

Shiran Viraj

මුදල් වංචාවකට මහින්දානන්දට අධි චෝදනා

Shiran Viraj

පිස්තෝල අක්කා ගේ සැමියාට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ශේප කරයි…

Shiran Viraj
Translate »