mediahumanrights.lk
Local NewsNews

ගල්කිස්ස අධිකරණ බිමේ පාතාල වෙඩි තැබීමේ සූදානමක් නූලෙන් වැළකේ

අද දහවල් ගල්කිස්ස අධිකරණ ශාලාවේ තිබී ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සොයාගත් බව පොලිස් ආරංචි වාර්තා කළේය.
අධිකරණය තුළ සැක කටයුතු බෑගයක දමා සඟවා තිබූ රිවෝල්වරයක්, පිස්තෝලයක් සහ උණ්ඩ 10ක් සොයාගෙන තිබේ.
මෙම අවි වෙඩි තැබීම සඳහා සූදානම් තත්ත්වයේ තිබී ඇති අතර පොලිසිය සැක කරන්නේ කුරුණෑගල උප පොලිස් පරීක්ෂක ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ‘රත්මලානේ රොහා‘ හෙවත් ‘රෝහණ‘ නමැත්තා අද වෙනත් නඩු කටයුත්තක් වෙනුවෙන් බන්ධනාගාරයේ සිට ගෙන එන්නට නියමිතව තිබීම සමග ඔහු මරන්නට මෙම අවි සූදානම් කර තිබුණ බවට සැක බවයි. මේ වන විට අධිකරණ කටයුතු අත්හිටුවා භූමිය තුළ සිටින සියලු පුද්ගලයින් රඳවාගෙන පරික්ෂා කරන බව පොලිසිය පැවසුවා. පොලිස් නිල සුනඛයින් ද කැඳවා තිබේ.

Related posts

ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..

Shiran Viraj

ආනයනික සහල් කිලෝවකට 45%ක බද්දක්…

Shiran Viraj

අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 07ක සිර දඬුවම්

Shiran Viraj
Translate »