mediahumanrights.lk
Local NewsNews

ගල්කිස්ස අධිකරණ බිමේ පාතාල වෙඩි තැබීමේ සූදානමක් නූලෙන් වැළකේ

අද දහවල් ගල්කිස්ස අධිකරණ ශාලාවේ තිබී ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සොයාගත් බව පොලිස් ආරංචි වාර්තා කළේය.
අධිකරණය තුළ සැක කටයුතු බෑගයක දමා සඟවා තිබූ රිවෝල්වරයක්, පිස්තෝලයක් සහ උණ්ඩ 10ක් සොයාගෙන තිබේ.
මෙම අවි වෙඩි තැබීම සඳහා සූදානම් තත්ත්වයේ තිබී ඇති අතර පොලිසිය සැක කරන්නේ කුරුණෑගල උප පොලිස් පරීක්ෂක ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ‘රත්මලානේ රොහා‘ හෙවත් ‘රෝහණ‘ නමැත්තා අද වෙනත් නඩු කටයුත්තක් වෙනුවෙන් බන්ධනාගාරයේ සිට ගෙන එන්නට නියමිතව තිබීම සමග ඔහු මරන්නට මෙම අවි සූදානම් කර තිබුණ බවට සැක බවයි. මේ වන විට අධිකරණ කටයුතු අත්හිටුවා භූමිය තුළ සිටින සියලු පුද්ගලයින් රඳවාගෙන පරික්ෂා කරන බව පොලිසිය පැවසුවා. පොලිස් නිල සුනඛයින් ද කැඳවා තිබේ.

Related posts

කප්පම්කරු හා පොලිස් නිලධාරියා පොර බදිද්දී ගිනි අවිය පත්තු වෙලා – දෙදෙනාම රෝහලේ

Shiran Viraj

මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායා

Shiran Viraj

සයිටම් ගැන රජයේ ස්ථාවරය අද කැබිනට් මණ්ඩලයට

Shiran Viraj
Translate »