mediahumanrights.lk
EntertainmentEntertainment NewsInternational NewsNews

කරීනා මුස්ලිම් වුණැයි ඉන්දීය සමාජ මාධ්‍ය කැළඹිලා

හින්දු ලබ්ධික ප්‍රකට බොලිවුඩ් නිළි කරීනා කපූර් විවාහවී සිටින්නේ මුස්ලිම් ජාතික සයිෆ් අලි කාන් සමගිනි. හින්දු මුස්ලිම් භේද පවතින ඉන්දියාවේ ඔවුන්ගේ විවාහය මෙන්ම ඔවුන්ගේ දරු උපතින් පසු දරුවාට තැබූ ටයිමුර් අලි කාන් නම ගැන විවිධ වාද විවාද හට ගැනිණි. කරීනාට කැමති ඉන්දීය රසිකයින් බහුතරය ඇය මුස්ලිම් වනවාට කැමැත්තක් නොවූ අතර ඇගේ ආදර විවාහය විවේචනය කරමින් විවිධ කතාද පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ පතුරා තිබුණි.
මේ අතරවාරයේ පසුගිය සතියේ ඇය මුස්ලිම් ආගම වැළඳ ගත් බව ඡායාරූප සහිත විස්තරයක් එක්තරා පුද්ගලයෙකු සමාජ මාධ්‍ය තුළ පළකළ පසුව ඒ ගැන ආරංචිය ළැව් ගින්නක් සේ පැතිරිණි. මුස්ලිම් පල්ලියකදී ගත් එම ඡායාරූපය මේ සමග පළවේ.
එය මීට වසර ගණනාවකට පෙර ලබාගත් එකක් වූ අතර ඒ බව පැහැදිලි කරමින් කරීනාට විශේෂ ප්‍රකාශයක් පවා පසුව නිකුත් කරන්නට සිදුව ඇතැයිද ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබේ.

Related posts

පිළිමතලාවේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මරුට

Shiran Viraj

“අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය” – ජනපති අනුර ලෝකය අමතමින්..

Shiran Viraj

විග්නේෂ්වරන් නිසා උතුර බෙදෙයි?

Shiran Viraj
Translate »