mediahumanrights.lk
Local NewsNewsPolitical

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ උපන් දිනක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 68වැනි උපන් දිනය අදට (24) යෙදී තිබේ.
මෙරට සිව්වරක් අගමැති ධූරයට පත් වෙමින් වාර්තාවක් තබා ඇති රනිල් වික්‍රමසිංහ මහතා 1993, 2001 සහ 2015 වසරේ දී දෙවරක් අගමැති ධූරයට පත් විය. මෙරට නව දේශපාලන සංස්කෘතියක ආරම්භය සනිටුහන් කරමින් 2015 මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුව පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතාය.
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට කැප වෙමින් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමේ ක්‍රියාදාමයට මෙන්ම රැකියා දස ලක්ෂයක් බිහි කරමින් රටේ තරුණ තරුණියන්ට යහපත් හෙට දිනක් බිහි කිරීමේ කර්තව්‍යයට ද අගමැති වික්‍රමසිංහ මහතා කැප වී ක්‍රියා කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දිනමිණ උපන්දින සුභාශිංෂන පිරිනමනු ලබයි.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් වැටුණු වලෙන් ගොඩට එන්න ජනතාවගෙන් සහය ඉල්ලයි

Shiran Viraj

ජනාධිපති ආර්යාව පිළිබඳව රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Shiran Viraj

18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

Shiran Viraj
Translate »