27 C
Colombo
2024-07-16
mediahumanrights.lk
LIFE LIFE NEWS News

හෘද රෝග, පිළිකා, දියවැඩියාව ඇතුළු රෝග රැසකට ගුණ දෙන සෝයා

සෝයා කිරි එහෙම නැත්තම් සෝයා අයිස්ක්‍රීම් බොහෝ පිරිස අතර ජනප්‍රිය ආහාරයක් .එමෙන්ම  නවතම පර්යේෂණයන්ට අනුව සෝයා ආහාර වර්ග ආහාරයට ගැනීම මගින් පිලිකාවන්, හෘද රෝග ඇතුළු රෝග ගණනාවක්‌ වැළැක්‌වීමට සමත් වන බවට නවතම පර්යේෂණ වලින් තහවුරු වී තිබේ . සෝයා පිළිබඳව අද ජාතික පුවත්පතක මෙසේ ලිපියක් පල වී තිබේ.
මෙසේ සෞඛ්‍යමය වාසි රැසක්‌ පවති සෝයා යනු කුමක්‌ද?
සෝයා බෝංචි ධාන්‍ය වර්ගයක්‌ වන අතර එයින් සෝයා කිරි, සෝයා සෝස්‌, සෝයා බෝංචි තලපයක්‌ වන මිසෝ සෝයා සෝස්‌ වර්ගයක්‌ වන “ටෙම්පේ” හා අප කොයි කවුරුත් හඳුනන ටොෆි සකස්‌ කිරීම සිදු වේ.
සෝයා පාන් වර්ග, සීරියල් වර්ග, මාංශ නිෂ්පාදනයන් සකස්‌ කිරීමට මෙන්ම මාංශමය ආහාර වෙනුවට පරිභෝජනය කළ හැකි ශාකමය ආහාර වර්ග වන සෝයා බර්ගර්, සෝයා සොසේජස්‌ හා සෝයා හොට්‌ ඩෝග්ස්‌ නිපදවීමටද යොදා ගැනේ.
පරිපූර්ණ සෝයා යොදා තැනූ ආහාර වර්ගවල ප්‍රෝටීන් මිනිස්‌ ශරීරයට ප්‍රමාණවත් පරිදි අන්තර්ගතව පවතී.
ඇමරිකා එක්‌සත් ජනපදය වැනි රටවල් සෝයා ආහාර සිය ආහාරයට වැඩි වශයෙන් එක්‌ කර ගනුයේ ඒ හරහා රුධිර ගත කොලෙස්‌ටරෝල් මට්‌ටම අඩු කිරීමට මෙන්ම පිළිකාවන් වැළඳීමේ අවදානම අඩු කරගත හැකි බව විද්‍යාත්මක පර්යේෂණවලින් සනාථ වී තිබීම නිසාය.
විද්‍යාත්මක පර්යේෂණවලදී සෝයාවල අඩංගු ප්‍රෝටීන්වලට රුධිරගත එල්. ඩී. එල්. කොලෙස්‌ටරෝල් මට්‌ටම අඩු කළ හැකි බව සනාථ වී තිබේ.
සෝයා ආහාරවල අඩංගු පෝෂණ පදාර්ථයන් හේතුවෙන් බොහෝ බටහිර ජාතිකයන් සෞඛ්‍ය සම්පන්න නොවන මාංශමය ආහාර වර්ගවලට වඩා සෝයා ආහාර පරිභෝජනයට හුරුවී සිටිති.
සෝයාවල ප්‍රෝටීන් යහමින් අඩංගුව පවතින අතර තන්තු  විටමින් බී හා ඕමේගා-3 අම්ලයන්, සින්ක්‌ ඇතුළු ලවණ වර්ග අඩංගුව පවතී. කොලෙස්‌ටරෝල් හා සංතෘප්ත මේදය අඩංගු මාංශ වර්ග හා වෙනත් සත්ත්ව නිෂ්පාදනවල අඩංගු ප්‍රෝටීන්වලට වඩා සෝයා ප්‍රෝටීන් ගුණදායක බව අනාවරණය වී තිබේ.
සෝයා ආහාර පරිභෝජනය සඳහා සොයා ගැනීම අපහසු නොවේ. ඕනෑම රටක සෝයා ටොෆි හෙවත් සෝයා මීට්‌ සුලබව අලෙවියට තබා ඇති අයුරු දැකිය හැකිය. සෝයා ආහාර වර්ග තෝරා ගැනිමේදී එම ආහාර වර්ගවල ලේබල් පරික්‍ෂා කර බලා ඒවා හොඳ මට්‌ටමේ සෝයා ප්‍රෝටීන් සපයන්නේද අඩු සංතෘප්ත මේද ප්‍රමාණයක්‌ අන්තර්ගත වන්නේද යන්න පිළිබඳ හා කොලෙස්‌ටරෝල් හා එක්‌ කරන ලද සීනි අඩු ප්‍රමාණයන්ගෙන් අන්තර්ගත වන්නේද? යන්න පිළිබඳව විමසිලිමත් විය යුතුය. ඇතැම් සෝයා ආහාර වර්ගවල රසකාරකයන් අන්තර්ගතව තිබීමට ඉඩ ඇත.
ඔබට සෝයා ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීමට අවශ්‍ය නම් එය ආහාරයට හඳුන්වා දිය යුත්තේ ක්‍රමානුකූලවය.
සෝයා යනු කොලෙස්‌ටරෝල් රහිත හා සංතෘප්ත මේදය අඩු මට්‌ටටමින් අන්තර්ගත ආහාරයකි.
එමෙන්ම එහි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වර්ග අටම අන්තර්ගතව පවතින අතර එම අම්ල වර්ග අටම අන්තර්ගත එකම එළවළුව සෝයා පමණක්‌ බව පැවසේ.
ගර්භනී සමයේ කාන්තාවන්ට පෝෂ්‍යදායි වන සෝයා ආහාර හෘද රෝග, ස්‌ථුලභාවය, දියවැඩියාව, පිළිකා යන රෝග තත්ත්වයන් වැළැක්‌වීමටද සමත් බව බටහිර පර්යේෂකයන් මේ වන විට සනාථ කර තිබේ.

Related posts

ජනවාරියේ IMF ඉදිරියේ දණ ගහන්න වෙනවා.. රට ඉතාම භයානක තත්වයක…

Shiran Viraj

තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ

Shiran Viraj

පිරිමි පුද්ගලයෙකු දරුවෙකු බිහි කරයි – ලංකාවේ අපිට පුදුම හිතෙන කතාවක්

Shiran Viraj