mediahumanrights.lk
Local NewsNews

සෞඛ්‍ය සේවකයන් වැඩවර්ජනයකට සැරසෙයි

තම වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයකට යාමට සිදුවන බව හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පෙන්වා දෙයි.
 එම සංගමයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ විසඳුම් ලබාදීමට තවමත් ආණ්ඩුවට කල් තිබෙන බවත් විසඳුම් නොලැබුණහොත් අප්‍රේල් 06 වැනිදා වැඩවර්ජනයකට යාමට සිදුවන බවත්ය. වැඩවර්ජනයට යාමට පෙර ලබන 15 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී සියලු සේවකයන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ද එම සංගමය සැළසුම් කර තිබේ.

වැඩි කරන ලද මූලික වැටුපට සමානුපාතිකව අතිකාල ලබාදීම, උසස්වීම් ලබාදීම, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් පසුගිය 28 වැනිදා සිට හෙද, පරිපූරක, අතුරු වෛද්‍යසේවාවන්ට අයත් සේවකයන් වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වෙමින් සිටී.

Related posts

අමෙරිකාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට 7කට තුවාල

Shiran Viraj

ඇදිරිනීතිය මැද වුවත් මාර්ග ඉදිකිරීම නවත්වන්නේ නෑ..

Shiran Viraj

වියළි කාළගුණය හේතුවෙන් යලි මතුවන නටබුන්

Shiran Viraj
Translate »