26 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Entertainment Entertainment News News

සරසවියේ ඇති වුණ මිතු දම මුහුණු පොතෙන් ආදරයට පෙරළුණා… රුවන් වික්‍රමසිංහ

තනිකම ජීවිතේ බිලිඅරන් තිබුණ හැන්දෑවක තරු එළිත් පැතුව හිතකට පුරා හඳක්‌ ලැබුනම දැනෙන ප්‍රීතිමත් හැඟුම ඔයාට දැනිල තියෙනවද?. ඇත්තම කියනවා නම් මම තවමත් වචන හොයනවා. ඒ හැඟුම ඔයාට දැනෙන විදිහට කියන්න. ඒත් ඒකට මොනතරම් කාලයක්‌ ගතවෙයිද කියල නම් මට කියන්න බැහැ. ඔයාට පුළුවන්ද ඉවසීමෙන් බලා ඉන්න. කවද හරි දවසක මම ඔයාට ඒ ලස්‌සන හැඟීම කියලා දෙනතුරු. ඔව්. ඒක දුෂ්කර ක්‍රියාවක්‌ තමයි. ඒත් බලාපොරොත්තුවක්‌ තියෙනව නේ. බලාපොරොත්තුවක්‌ වෙනුවෙන් හිතකට ඕනෑම කාලයක්‌ ඉවසන්න පුළුවන්ලූ ඔයා දන්නවද?. රුවන් වාසනාගේ අත මුලින් අල්ලගෙන ජීවිතේ දිගු ගමනක්‌ යන්න කතා කරපු හැන්දෑව තවමත් උණුසුම්. ඒ ඇරයුමෙන් ඉක්‌බිතිව මැවුණේ ආදර හැන්දෑවක්‌ නෙවෙයි ආදර විජිතයක්‌. ඒ ආදර විජිතයට ඔවුන් පිළිගන්න ගැවසූ මල්වල සුවඳ තවමත් අලුත්. හරියට මේ පෙම්වතුන්ගේ ආදරය වගෙයි.
වාසනා රුවන්ගේ දිවියට වාසනාව කැන්දන් එන පළමු හමුවීම මතක්‌ කළොත් ?
එයාව මම පළමුවෙන්ම දකින්නෙ කොළඹ විශ්වවිද්‍යාලයේදී. අපි දෙන්නම විද්‍යා පීඨයේ. එයා මට වඩා බාලයි. මම එයාගේ ජ්‍යෙෂ්ඨයෙක්‌.
සරසවියේදී බැඳි හාදකමද මේ විවාහය දක්‌වා ඇදී ආවේ ?
නැහැ. විශ්වවිද්‍යාලයේදි අපි අතරෙ එහෙම සබඳකමක්‌ තිබුණේ නැහැ. මම එයාවත් එයා මාවත් දැනගෙන හිටියා එකම පීඨයේ අධ්‍යාපනය හදාරපු නිසා. කොහොමටත් සරසවියේදි ප්‍රේම සම්බන්ධයක්‌ ඇති කරගන්නේ නැහැ කියන ප්‍රතිපත්තියක හිටිය නිසා ඒ කාලෙ මට එහෙම අදහසක්‌ තිබුණේ නැහැ.
එතකොට ප්‍රේමයක පළමු සිතුවිල්ල ඇතිවන්නේ ?
මගේ උපන්දිනය පෙබරවාරි 23 වැනිදා. ඊට ආසන්න දවසකදි තමයි අපි අතර ප්‍රේමණීය සබැඳියාවක්‌ ඇතිවෙන්නේ.
ඒ කියන්නෙ සරසවියේ ඇතිවුණ හිතවත්කම දුරදිග ගිය තරමක්‌ කියල ද ?
ඒත් නැහැ. අපි සරසවියෙන් පිටවුණාට පස්‌සේ ආයෙත් දැක්‌කෙවත් එහෙම දකින්න කතාකරන්න විශේෂ උවමනාවක්‌ තිබුණෙත් නැහැ. අපි දෙන්නම විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා අපේ වෘත්තීය ජීවිතවලට අවතීර්ණවෙලා කාලයක්‌ ගතවෙලා ගියා. පසුගිය අවුරුද්දෙ මුහුණුපොතේ මට ලැබී තිබුණ පණිවිඩ අතරෙ වාසනාත් පරණ දැනහැඳුනුම්කම නිසා මගෙන් තොරතුරු අහල තිබුණා. මමත් ඇයට පිළිතුරු යෑව්වා. ඔය විදිහට මූණු පොත හරහා තොරතුරු සාකච්ඡා කරද්දි ඇය අවිවාහකයි කියල දැනගත්තා. මමත් ඒ වෙද්දි විවාහ වෙන්න ඕනෑ කියන සිතුවිල්ලක හිටියා. ඊට පස්‌සෙ අපි මුණගැගිල ටික දවසකින් මගේ අදහස වාසනාට පැවසුවා.
ඉතින් සරසවියෙන් පිටවෙලා ගිහින් නළුවෙක්‌ විදිහට ජනප්‍රිය වූ පැරණි හිතවතාගේ ප්‍රේම ආරාධනාව ඇය එකහෙළාම පිළිගත්තද ?
එහෙමත්ම නැහැ .ටිකක්‌ විතර කල් ගත්තා. ඒත් ඒ වෙද්දි විවාහයක අවශ්‍යතාවයේ හැඟීම ඇයටත් දැනිල තිබුණ කාලයක්‌ . ඊට පස්‌සෙ ටික කාලයක්‌ අපි දෙන්න හිතවතුන් විදිහට ආශ්‍රය කරද්දි අපි දෙන්නට අපි දෙන්න ගැලපෙන බව අපිට තේරුම් ගියා. ඉන් පස්‌සෙ අපි දෙන්න තීරණය කළා විවාහ වෙන්න.
ඔය තරමටම සමාන හැඟුමක්‌ දැනෙන්නෙ දෙන්නගේ අධ්‍යාපන මට්‌ටම් නිසාද ?
යමක්‌ තේරුම් ගැනීම අතින් අපි දෙන්න එකම තැනක ඉන්නෙ. සමහරවිට අපි දෙන්නම එකම විෂය ධාරාවන් හදාරපු නිසා වෙන්න ඇති. ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දෙද්aදි මේ අවබෝධය විශාල සහනයක්‌.
මේ අපූරු ප්‍රේම කතාව බාධකවලින් තොර කතාවක්‌ වුණාද?
එයාගේ පැත්තෙ අයට මම ගැන පැහැදීමක්‌ තිබුණා. අපේ පැත්තෙනුත් බාධාවක්‌ ආවෙ නැහැ. ඒ නිසා බාධක නම් අපිට තිබුණේ නැහැ.
මේ ප්‍රේම කතාවේ අපූරුම දවස කවදාද?
අපේ විවාහය සඳහා නැකැත් තෝරද්aදි අපිට විවාහ වෙන්න හොඳම දවස පෙබරවාරි 2 කියල තරයේම කියා සිටියා. ඒක අපි දැනගත්තෙ ජනවාරි දෙවැනි සතියේ. මාසයක වගේ කාලයක්‌ තුළ විවාහය වෙනුවෙන් හැම දෙයක්‌ම සංවිධානය කරගන්න එක අපිට ප්‍රායෝගික ගැටලූවක්‌ වුණා. ඒත් පෙබරවාරි 23 මගේ උපන්දිනයත් යෙදි තිබුණ නිසා අපි දෙන්නම තීරණය කළා කොහොම හරි විවාහය එදිනටම සිදු කරන්න.
ඇගෙන් ඔබ ලද පළමු සැමරුම ?
ඇය මට ගොඩක්‌ වටිනා පෑනක්‌ තිළිණ කළා. මම එයාට දුන්නෙ චිත්‍රයක්‌.
කලාකරුවෙක්‌ වන ඔබට ඇගෙන් ලැබෙන ආදරණීය උදව් කොතරම්ද ?
මම නළුවෙක්‌ කියන කරුණ එයාට විශේෂත්වයක්‌ නැහැ. නමුත් නිර්මාණයක්‌ දෙස විචාරාත්මක ඇසින් දකින ඇය මම තෝරගන්නා චරිත දෙස පවා පුළුල් ලෙස බලන්න ඇයට හැකියි. ඒ ගැන මට ගොඩක්‌ සතුටුයි.
ඊයේ පෙරේදා පෙම්වතුන් අද යුවතිපතින් වි පැතූ පැතුමන් ?
තුන් නිවුන් දරුවෝ අපි දෙන්නම ප්‍රාර්ථනා කරන්නේ. රටට හොඳ පුරවැසියො ටිකක්‌ හදන එක තමයි අපි දෙන්නගේම අරමුණ.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

අපි ඕන ඡන්දයකට ලෑස්තියි

Shiran Viraj

පොළොන්නරුව ගල්විහාර පුදබිමේ අලූත් සහල් මංගල්‍යය ජනපති ප‍්‍රධානත්වයෙන්

Shiran Viraj

කොරෝනා නිසා වසා දැමූ බේරුවල පන්නිල ජනතාව විරෝධතා..

Shiran Viraj