mediahumanrights.lk
Local NewsNews

සයිටම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනු කරනවා

මාලඹේ පෞද්ගලික වෛද්‍ය  විද්‍යාලය සම්බන්ධයෙන් ලබන 10 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයේ  පෙත්සමක් ගොනු කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.
එහි ලේඛකාධිකාරී වෛද්‍ය  ටෙරන්ස් ද සිල්වා මහතා සඳහන් කළේ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් පෙත්සම ගොනු කරන බවය .
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලබා ගත් නීති උපදෙස් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාෙළ පෙත්සම ගොනු කිරීමට තීරණය කර තිබේ.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමකට අදාළව සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යානුකූල බලයක් ඇති බව පසුගියදා අභියාචනාධිකරණය තීන්දු කළේය.
එමෙන්ම සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධි ලබා ගන්නා සිසුන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසද අභියාචනාධිකරණය වෛද්‍ය සභාවට නියෝග කළේය.
මේ අතර සයිටම් ආයතනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබන 9 වනදා පැවැත්වේ.
ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීමක් අනුව එම විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
සයිටම් ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති පත් කළ කමිටුව සමඟ හෙට(8) දිනයේ සාකච්ඡාවක් පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවසයි.

Related posts

කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක රූමත් නලඟනන් දෙදෙනෙක් ව්‍යාපාරිකයෙකු රවටයි

Shiran Viraj

වාසුදේව ජාතික රෝහලට

Shiran Viraj

පේශල පූර්ණිකා එක්ක සම්බන්ධයක් තියනවා කියන කතාවට උත්තර බදියි

Shiran Viraj
Translate »