mediahumanrights.lk
Local NewsNewsPolitical

සතියක තහනමෙන් පසු මන්ත‍්‍රී දිනේෂ්ගේ පාර්ලිමේන්තු විශේෂ ප‍්‍රකාශය අද

ජිනීවා මානව හිමිකම් කොමිසමට ශ‍්‍රි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වාර්තාව පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන අද (21) පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
ස්ථාවර නියෝග 23 (2) යටතේ මන්ත‍්‍රීවරයා මෙම ප‍්‍රකාශකය සිදු කරනු ඇති.
විදේශිය විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය රට හමුවේ පැහැදිලි කරන ලෙස ඉල්ලමින් දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙම ප‍්‍රකාශය සිදු කිරීමට නියමිතයි.
සතියක කාලයක් පාර්ලිමේන්තු තහනමට ලක්ව සිටීමෙන් පසු දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා පළමු වරට සභාවට පැමිණෙන්නේ අද දිනයේයි.
(under the courtesy of nethfm news web)

Related posts

අපි දිහා බලාගෙන හැදුණු රටවල් දියුණු වේලා අපි එතනමයි

Shiran Viraj

අධිකරණයෙන් අපුරු දඩුවමක්….

Shiran Viraj

දුමිරිය පාලනාධිකාරිය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරයි

Shiran Viraj
Translate »