mediahumanrights.lk
BusinessBusiness NewsNews

ලෝකයේ වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගනී

ලෝක එක්දින පිටියේ වේගවත්ම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන  ඕස්ටේ‍්‍රලියාවේ ශෝන් ටේට් සියලූ ක‍්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ලොව වේගවත්ම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමිව ඇත්තේ 03 වන ස්ථානයයි.
පැයට කිලෝමීටර් 161 යි දශම එකක වේගයකින් පන්දුවක් යවමින් ශෝන් ටේට් විසින් 2010 දී මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.
එක්දින තරග 35ක දී කඩුලූ 62ක් සහ පන්දුවාර විස්ස තරග 21ක දී කඩුලූ 28ක් බිඳ හෙළා ඇති ඔහු 2011 වසරෙන් පසුව කිසිදු එක්දින තරගයකට  ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ක‍්‍රීඩා කර නැහැ.
ශෝන් ටේට් මේ වනවිට තිස්හතර වන වියේ පසුවනවා.

Related posts

IDH පීසීආර් යන්ත්‍රය හෙට යථා තත්ත්වයට පත්කරනවා – චීන තානාපති කාර්යාලය

Shiran Viraj

මම හිතින් මුතූට ආදරය කරනවා

Shiran Viraj

පාසල් කාලය දීර්ඝ කිරීමේ තීරණය ඉවත් කර ගැනීම සාධනීය පියවරක් බව ලංකා ගුරු සේවා සංගමය පවසයි

Shiran Viraj
Translate »