mediahumanrights.lk
Local NewsNewsPolitical

රවි කරුණායක අන්තිමයි.. ඔහු ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අසාර්ථක මුදල් අමාත්‍යවරයෙක්..- IMF කියයි..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එනම් IMF ආයතනය ශ්‍රීලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙමින් ප්‍රකාශ කොට ඇත්තේ රටේ වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධව ශ්‍රීලංකාවේ මුදල් අමාත්‍යවරයාගේ දායකත්වය සහ ක්‍රියා කලාපය මෙන්ම මැදිහත් වීම සම්පූර්ණයෙන්ම අසාර්ථක බවත් ඒ සම්බන්ධව IMF හි අතෘප්තිකර තත්ත්වයට පත්වි ඇති බවයි.
මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් දින සිටම සෑමවිටම පසුගිය රජයේ මහා පරිමාණ දූෂණ හා මුදල් අවභාවිතය සම්බන්ධව පමණක් කතා කරමින් සිටින බවත් මේ වනවිට සංචාරක හා ඉදිකිරීම් කර්මාන්තය හැරුණු කොට රටේ අනෙකුත් සියළුම ක්ෂේත්‍ර දරුණු ලෙස කඩා වැටි ඇති බව දකුණු ආසියා IMF නියෝජිතයා ඔහුගේ අලුත්ම වාර්තා පසුගිය දා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කොට ඇත.
මෙම වාර්තාව සකස් කොට ඇත්තේ මෙම මස 15 දින ශ්‍රීලංකාවේ නිරීක්ෂණ චාරිකාව යෙදිමිට නියමිතව තිබු එම ආයතනයේ ප්‍රධානියා වූ ක්‍රිස්ටිනා ලාර්ග්‍රෙඩ් IMF chief Christine Lagarde මහත්මියට භාරදීමටයි. ඒ අනුව ඉදිරියේදී ශ්‍රීලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය යෝජනා සාකච්ඡා කිරීම සඳහා ඇයගේ මෙම චාරිකාවේ අරමුණ විය.
එහෙත් අප වෙත ලැබි ඇති අලුත්ම තොරතුරු අනුව හදිසියේම ඇය විසින් ශ්‍රීලංකාවේ සංචාරය නොකිරීමට තීරණය කොට ඇති අතර අගමැතිවරයා මෙන්ම මුදල් අමාත්‍ය රවි කරුණානයක යන මහත්වරුන් මේ වනවිටත් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමණාකාර අධ්‍යක්ෂිකාවගේ ශ්‍රීලංකාවේ සංචාරය කලින් යොදා ගත් පරිදි සිදු කරවා ගැනිමටයි.

Related posts

මැති ඇමතිලාට සහන දෙන්න පාර්ලිමේන්තුවේ සාකච්චා කරනවා..- GL

Shiran Viraj

පලස්තීනයෙන්, යුක්‍රේනයෙන් ඉල්ලුවත් ශ‍්‍රමිකයන් යවනවා..

Shiran Viraj

කොරෝනා ආසාධිතයෙකු තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 21 ක් වසා දමයි

Shiran Viraj
Translate »