mediahumanrights.lk
Local NewsNewsPolitical

රටතුල අපරාධ රැල්ලක් නෑ – සාගල රත්නායක

‘රටේ ජනතාවගේ දැන් ආකල්පයක් තිබෙනවා මේ වෙනකොට රටතුල සංවිධානාත්මක අපරාද වැඩිවෙලා කියල නමුත් එහෙම ප්‍රවණතාවක් දැනට නැහැ’ යනුවෙන් නීතිය සාමය, දක්ෂිණ සංවර්ධණ අමාත්‍යය සාගල රත්නායක මහතා පවසයි.
”රැදවියන් නඩු කටයුතු සදහා කැදවීමෙහිදී වගකීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු දෙයක්, එම නිළධාරින්ට අවි පුහුණුවක් දී තිබෙනවා හදිසි අවස්ථාවකදී ක්‍රියා කලයුතු ආකාරය පිළිබඳව”. අද(03) සවස ,මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයහිදී, පැවති මාතර අනුර විද්‍යාලයහි නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වේදීන් අමතා මෙසේ ප්‍රකාශ කලේය.
අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ” විශේෂ වැදගත්කමක් ඇති රැදවියකුනම් ප්‍රවාහනය කරණ මොහොතෙහිදී පොලීසියට වගකීමක් තිබෙනවා ඔවුනට ආරක්ෂාව ලබදීමට. නමුත් මෙම ඝාතන සිදුවීමෙහිදී පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලල තිබුනේ ඊට පෙරදින රාත්‍රී ඒ වනවිට පොලිස් නිළධාරීන් වෙනත් රාජකාරි සදහා යොමුකරල තිබුනා. එම නිසා පොලිස් ආරක්ෂාව ලබා දිය නොහැකිබව දන්වා තිබුනා”
”පොලිස්පති තුමාත් බන්ධනාගාර කොමසාරිස් තුමත් හමුවක් යොදාගෙන තිබෙනවා. නඩු කටයුතු සදහා ගෙනයන රැදවියන් මාසයකටවත් කලින් ගෙනයනව කියල පොලීසියට දන්වලා ඒ සදහා පොලිස් විශේෂ කාර්යය බලකායද නැතිනම් පොලිස් නිළධාරින්ද යොදවන්නෙ කියල කල්තියාම නිගමනයකට ආයුතුයි”
”මේ මියගිය සියලුදෙනාගේ ජීවිතවලට අපි වගකිව යුතුයි. ඉදිරියහිදී මෙවැන්නක් නොවෙන්න අදාල ඇමතිවරුන් දෙපළම නිසි පියවර ගතයුතුයි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය ‘චන්දිම රාසපුත්‍ර’ මහතා, රාජ්‍ය නිලධාරීන් සහ අනුර විද්‍යාලයේ ගුරු ගුරු භවතුන් සහ දෙමව්පියන් ඇතුලු සිසු දරු දැරියන් රැසක්ද එක්ව සිටියහ.

Related posts

ඔබේ ATM කාඩ්පතත් 'ස්කිමර් ඩිවයිස්' වංචාවට හසුවෙන්න පුළුවන් – අවදානයෙන් සිටින්න

Shiran Viraj

රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..

Shiran Viraj

විශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිට

Shiran Viraj
Translate »