mediahumanrights.lk
News

බන්දුල ගුණවර්ධන දැන් අන්දරේට ඇඳලා – මුජිබර් රහුමාන්

බන්දුල ගුණවර්ධන මහතා මේ වන විට අන්දරේගේ චරිතයට පණ පොවමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (10) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.මහ බැංකුවේ බැඳුම්කර ගණුදෙනුව  සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පැවසූ දේවල් හා ජනාධිපති  කොමිසම හමුවේ  පැවසූ  දේවල් අතර පවත්නා පරස්පරතාවෙන් එය පෙන්නුම් කරන බවයි.
මන්ත්‍රීවරයා සඳහන් කළේ.
සිදුවන දේවල් පිලිබඳ සිතා බැලීමේදී බන්දුල ගුණවර්ධන මහතා බොරුවේ උපත බව රහුමාන් මහතා කියා සිටියේය. රු 2500ට ජිවත් විය හැකි බවට කළ ප්‍රකාශයත් ,වරාය නගරය සින්නක්කර දී නොමැති බවට කළ ප්‍රකාශයත්  යන සියල්ල අසත්‍ය බවට දැන් රටම දන්නා දේවල් බව පැවසූ රහුමාන් මහතා පෙන්වා දුන්නේ ජනතාව නොමඟ යවමින් බලයට පැමිණීමට ඒකාබද්ධය උත්සහ කරන බවයි.
එමෙන්ම බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අසත්‍ය බවට තහවුරු වී ඇති  නිසා බන්දුල ගුණවර්ධන මහතාගේ කතාවලට පදනමක් නොමැති බව අනාවරණය වී ඇතැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.


 

Related posts

රට රත් කර ජනප්‍රියත්වය අඩු කරන ක්‍රමය ගම්මන්පිල හෙළි කරයි

Shiran Viraj

බත්තරමුල්ල අවට රජයේ සේවකයින්ට එන්න යන්න සහන වෙලාවක්

Shiran Viraj

ගෑස් මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj
Translate »