mediahumanrights.lk
Local NewsNews

තිරසර ලංකා – ජාතික මංගල්‍යය

මාර්තු 31 සිට අප්‍රේල් 4 දක්වා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේදී
ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන්අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන්ගේ විසින් තිරසර සංවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති තිරසරසංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා – ජාතික මංගල්‍යය 2017 මාර්තු 31 සිට අප්‍රේල් 01 02 03 04 දිනයන්හි පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේදිපැවැත්වීමට නියමිතයි.
2015 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ මහ සමුළුවේදී ප්‍රකාශයටපත්කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක වන දුප්පත්කම, ගොවිතැන, සෞඛ්‍ය, අධ්‍යාපනය, කාන්තාවන්ට සැලකීම,ජලය, බලශක්තිය, රැකියා, කර්මාන්ත, ඇති නැති පරතරය, ජනාවාස, පරිභෝජනය, දේශගුණික විපර්යාසය, සාගර,ජෛව විවිධත්වය, සාමය සහ පොදු වැඩපිළිවෙලක් සැකසීම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තිරසර ලංකා ජාතිකමංගල්‍යය පැවැත්වීමට නියමිතය. එක් එක් අමාත්‍යංශ සහ විවිධ ආයතන විසින් ඉහත සඳහන් එම ඉලක්ක සඳහාවන සිය ක්‍රියාවලිය විදහා දැක්වෙන ආකාරයට ප්‍රදර්ශණ කුටි සැකසීමට නියමිතව ඇත.
ප්‍රදර්ශනයේ දින 5 එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වලට වෙන් කර ඇති අතර ඒ එක් එක්දිනය සඳහාවෙන්වූ තේමාවන් ද විවිධ වෙයි. මේ අනුව පළමු දිනය “යහපත් දිවියක්“ යන තේමාව යටතේ පැවැත්වෙන අතර ඊටඅයත් වන්නේ නිරෝගී ජනතාවක්, ගැහැණු පිරිමි භේදයක් නැහැ සහ සකසුරුවම් පුරවැසියෙක් යන එක්සත්ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් ය. මෙහි දෙවන “ තිරසර ජීවනෝපායක්“ යන තේමාව යටතේ පැවැත්වෙනඅතර , දුප්පතුන් නැති ලෝකයක්, හරිත රැකියා සහ තිරසර කර්මාන්ත යන තිරසර සංවර්ධන ඉලක්ක සඳහා එදිනප්‍රමුඛත්වය ලබාදෙයි.
තිරසර ලංකා – ජාතික මංගල්‍යය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සහ එහි නිල වෙබ් අඩවිය වනwww.thirasaralanka.com වෙබ් අඩවිය ජනගත කිරීම  ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ.
ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ , උපායමාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධනයන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.

Related posts

සියල්ලට පිළිතුරු දෙමින් මැතිව්ස් පියඹා ගොස් රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න

Shiran Viraj

රහස් පොලිසිය ගෝටාභයගෙන් ප‍්‍රශ්ණ කරන්න යයි.. අල්ලස් චෝදනාවක්…

Shiran Viraj

අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..

Shiran Viraj
Translate »