23 C
Colombo
2026-01-22
mediahumanrights.lk
Local NewsNewsPolitical

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ උපන් දිනක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 68වැනි උපන් දිනය අදට (24) යෙදී තිබේ.
මෙරට සිව්වරක් අගමැති ධූරයට පත් වෙමින් වාර්තාවක් තබා ඇති රනිල් වික්‍රමසිංහ මහතා 1993, 2001 සහ 2015 වසරේ දී දෙවරක් අගමැති ධූරයට පත් විය. මෙරට නව දේශපාලන සංස්කෘතියක ආරම්භය සනිටුහන් කරමින් 2015 මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුව පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතාය.
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට කැප වෙමින් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමේ ක්‍රියාදාමයට මෙන්ම රැකියා දස ලක්ෂයක් බිහි කරමින් රටේ තරුණ තරුණියන්ට යහපත් හෙට දිනක් බිහි කිරීමේ කර්තව්‍යයට ද අගමැති වික්‍රමසිංහ මහතා කැප වී ක්‍රියා කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දිනමිණ උපන්දින සුභාශිංෂන පිරිනමනු ලබයි.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

" කුඩා දරුවන්ට , මහල්ලන්ට , කාන්තාවන්ට ලේ එන තුරු පොලීසියෙන් පහර දෙයි " මානව හිමිකම් සංවිධාන නිදිද ? නිදහස වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ ජනතාවට ලොවම බලා සිටියදි ස්පාඤ්ඤ රජය අමානුෂික ලෙස පහර දුන් හැටි .!

Shiran Viraj

දීර්ඝව විදුලිය කැපුවොත් ජලයත් නෑ..- ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්

Shiran Viraj

” මම නීතිගරුක පුද්ගලයෙක්.. ජාතිවාදියෙක් නොවෙයි”: හම්බන්තොට වරාය බදු දීමත් වැරදියි – ජනපති කියයි

Shiran Viraj
Translate »