mediahumanrights.lk
EntertainmentEntertainment NewsInternational NewsNews

මගේ බිරියට දෙවැනියටත් දුවෙක් ලැබෙන්න ඇවිත් – මාර්ක් සකර්බර්ග්

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් නැවත පියෙකු වීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ඔහුගේ ෆේස් බුක් පිටුව ඔස්සේ රසිකයින්ට දන්වා ඇත.
තම බිරිඳ චෑන් ගැබ්ගෙන ඇති බවත්  මෙවරත් ලැබෙන්නට නියමිත ගැහැණු දරුවෙකු බවත් ඔහු එහිදී දන්වා ඇත.
සකර්බර්ග් යුවළ මින් වසර 2 කට ඉහත 2015 පළමු දියණිය මැක්ස් ලොවට බිහි කළ අතර එම අවස්ථාවේ මාර්ක් කියා සිටියේ තමා බිරිය තෙවරක් ගබ්සාවී සිව්වැනි උත්සාහය ලෙස එම දියණිය ලද බවයි.
ඩොලර් බිලියන 57.8 ක විශාල වස්තුවකට හිමිකම් කියන මාර්ක් සකර්බර්ග් සිය ෆේස් බුක් කොටස් වලින් සියයට 99 ක් මානව සමානාත්මතාව පිළිබඳ අරමුදලක් සඳහා වෙන් කර තිබෙන අයෙකි.

 

Related posts

බොලීවියාවේ හිටපු ජනපතිගේ හිසට අමෙරිකානු ඩොලර් 50,000 ක ලන්සුවක්

Shiran Viraj

ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Shiran Viraj

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල

Shiran Viraj
Translate »