mediahumanrights.lk
Entertainment Entertainment News News

දුලාජ්ගේ තෝරා ගැනීම හරි ගිහින්

දුලාජ් විවාහ ගිවිස ගත්තා කියලා ආරංචියි?
ඔව්. මම විවාහ ගිවිස ගත්තා. ලබන වසරේ විවාහ මංගල්‍ය ගන්න තමයි මේ දවස්වල කටයුතු සූදානම් කරගෙන යන්නේ.
දුලාජ්ගේ ඒ ආදරවන්තිය කවුද කියලා දැන්වත් කියමු?
ඇය ඉරේෂා නිමන්ති. එයා කලාවට කිසි සම්බන්ධයක් නැති කෙනෙක්. හරිම හොඳ කෙනෙක්. මට ගැළපෙන චාම් කෙනෙක්.
ඉරේෂව මුණගැහුණේ කොහොමද කියලත් කියමු?
එයාලගේ ගෙවල් තියෙන්නේ අපේ ගෙවල් ළඟ. එයාගේ අක්කගේ වෙඩින් එකේ ඵඪදඨ කරන්න ගිහින් තමයි මට එයාව හඳුනගන්න ලැබුණේ. ඊට පස්සේ ෆේස්බුක් එකෙන් කතාබහ කරලා තමයි අපි යාළුවෝ වෙලා, පෙම්වතුන් වෙන්නේ.
මේ දුලාජ්ගේ හොඳම තෝරාගැනීම කියලා හිතනවද?
ඔව්. මේ තමයි තෝරා ගත යුතු හොදම කෙනා. ඒ නිසා මගේ හොඳම තෝරා ගැනීම තමයි ඉරේෂා.
පසුගිය දවස්වල දුලාජ් කරපු ‘නිල් නෙතු’ මියුසික් වීඩියෝවේ ආදරණීය ඉදිරිපත් කිරීමක් කරපු කෙනා ගැනත් ගොඩක් අය අවධානෙන්?
ගොඩක් අය හොයන්න ගත්තා කවුද ඒ කියලා. සමහරු ඇහුවා ඔය තරම් හැඟීම් බරව රඟපෑවේ කොහොමද කියලා. ඉරේෂා තමයි ඒ මියුසික් වීඩියෝවෙත්් හිටියේ.
තමන්ගේ ආදරවන්තිය මියුසික් වීඩියෝවට සම්බන්ධ කර ගත්තේ මියුසික් වීඩියෝව හිට් කර ගන්නද?
අනේ් නැහැ. එහෙම බලාපොරොත්තුවකින් නෙවෙයි එයාව සම්බන්ධ කර ගත්තේ. විවාහ ගිවිස ගැනීම වෙනුවෙන් දවස් විස්සකට විතර එයා ලංකාවට ඇවිත් හිටියා. ඉතින් මගේ හිතේ තියෙන ආසාවට තමයි එයාව මියුසික් වීඩියෝවට සම්බන්ධ කර ගත්තේ.
ඉරේෂත් මියුසික් වීඩියෝවට සම්බන්ධ වෙන්න කැමැත්තෙන්ද හිටියේ?
එයා ඒ ගීතයට සම්බන්ධ වෙන්න හිතාගෙන හිටියේ නැහැ. මම බලෙන්ම තමයි මියුසික් වීඩියෝවට ගත්තේ. ඉතින් වැලන්ටයින් ඉලක්ක කරගෙනම ඒ ගීතය රිලීිස් කළා.
ඉරේෂාගේ නිල් නෙතු ගැනද ගීතයෙන් කියන්නේ?
එයාගේ ඇස් නිල්පාට නම් නැහැ. හැබැයි එයාට ලස්සන ඇස් දෙකක් තියෙනවා.
ආදරවන්තිය සම්බන්ධ කරගෙන කාලෙකට පස්සේ කරපු මියුසික් වීඩියෝවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මම ගීතයක් රිලීිස් කළේ අවුරුදු එකහමාරකට විතර පස්සේ. ඉතින් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
දුලාජ් සංගීත කටයුතු කරනවට ඉරේෂා කැමැතිද?
ඔව්. මම අනෙක් අයගෙ නිර්මාණ කටයුතු කර කර හිටියට කාලෙකින් මගේ ගීතයක් රිලීස් කළේ නැහැ. ඉතිං එයා තමයි කිව්වේ ගීතයක් කරන්න කියලා. එයා මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ සහයෝගය මට ලොකු ශක්තියක්.
දැන් දිගටම දුලාජ්ගේ මියුසික් වීඩියෝවල ඉරේෂාව දකින්න ලැබෙයිද?
ඉස්සරහට මගේ මියුසික් වීඩියෝ වලට එයාව ගන්න අදහසක් නැහැ. මමත් කොහොමත් රඟපාන්න ආස නැහැ. මම නළුවෙක් නෙවෙයිනේ. ගායකයෙක්නේ. ඒ නිසා ඉදිරියේ එන මියුසික් වීඩියෝවලට වෙන අය දාලා තමයි කරන්න හිතාගෙන ඉන්නේ.
වෙන රංගන ශිල්පිනියෝ එක්ක මියුසික් වීඩියෝවල පේන්න ඉන්න එපා කියලා ඉරේෂා සීමා දැම්මද?
නැහැ. එයා එහෙම සීමා දාලා නැහැ. ඒක මගේ තීරණයක්. කොහොමත් මම කලින් පෙනී හිටියේ මොනාලිසා සහ මේ රාත්‍රියේ කියන මියුසික් වීඩියෝ දෙකට විතරයි.
විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ ඉරේෂා අතුරුදන් වුණා නේද?
එයා අතුරුදන් වුණේ නැහැ. එයාගේ පවුලේ අය ඉන්නේ විදේශගත වෙලා. ඒ නිසා එයා ආයෙත් විදේශ ගත වුණා. විවාහය වෙනුවෙන් එයා ලංකාවට එනවා. විවාහයෙන් පස්සේ එයා ලංකාවෙම පදිංචි වෙනවා.
විවාහයෙන් පස්සෙ දුලාජ්ගේ ජනප්‍රියත්වය අඩුවෙයිද?
මගේ රූපයට ආදරය කළ අයට වඩා මගේ ගීතවලට, මගේ සංගීත නිර්මාණවලට ආදරය කරන අය විශාලයි. මම හිතනවා මගේ රසික රසිකාවියෝ ඉදිරියටත් මගේ ගීත ආදරයෙන් රසවිඳියි කියලා.
රසිකාවියන්ගෙනුත් විවාහ යෝජනා ඇවිත් තියෙන්න ඇති නේද?
මගේ රසිකාවියන්ගෙන් මට යෝජනා ඇවිත් තිබුණා. හැබැයි මට ඕන වුණේ මමම කෙනෙක්ව තෝරගෙන විවාහ යෝජනාවක් කරන්න. මම ඒ විදියට ආදර යෝජනාව කරලා මට ආදරණීය පවුලක් එක්කම ආදරණීය කෙනෙක් ජීවිතයට ලැබුණා.
අලුත් නිර්මාණ කටයුතුත් මේ දවස්වල කෙරෙනවා ඇති?
තීක්ෂණගේ සහ නිරෝෂා විරාජිනීගේ අලුත් ගීතවල නිර්මාණ කටයුතු කළා. ඉදිරියේදී ඒ ගීත රිලීිස් වෙන්න තියෙනවා. ශෂිකා නිසංසලාගේ ගීතයකුත් මේ දවස්වල කරමින් ඉන්නවා. මගේ තවත් ගීත ඉදිරියේදී එන්න තියෙනවා.
ජීවිතයේ තවත් බලාපොරොත්තු නැති වෙන්න බෑ නේද?
බලාපොරොත්තු තියෙනවා. මගේ ශබ්දාගාරය හරි විධියට ගෙදරම හදන්න සැලසුම් කරගෙන තියෙනවා. ඒ වගේම නිර්මාණ කටයුතු හොඳින් කරගෙන ජීවත්වෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

Shiran Viraj

මගේ වගකීම තාත්තා නවත්තපු තැනින් ඉදිරියට සංවර්ධනය කිරීමයි..

Shiran Viraj

දැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකා

Shiran Viraj