28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

ගයේෂාට පුතෙක්‌…

ගයේෂා පෙරේරා… රංගන ශිල්පිනියක්‌, රූ රැජනක්‌ ලෙස වගේම දේශපාලන ක්‍රියාකාරිනියක්‌ ලෙසත් කවුරුත් දන්න හඳුනන ජනප්‍රිය චරිතයක්‌. පහුගිය දවසක ඒ හැමදේටම වඩා වටිනා පදවියකින් ඇය පිදුම් ලැබුවා. ඒ උතුම් මවු පදවිය…. මාර්තු 19 දා හවස අපි ඇයට කතා කළා.ඇය පුංචි පුතු සමග රෝහලේ ඉඳලා ගෙදරට පය තැබුවා විතරයි. ඒත් ඇගේ රසික රසිකාවියන් වෙනුවෙන් මීවිත සමඟ පුංචි කතා බහක යෙදෙන්න ඇය අතපසු කළේ නෑ…
Õඉතිං ගයේෂා කීයටද ගෙදර ආවේ?
අද හවස
Õඑතකොට බබා හම්බ වුණේ?
මාර්තු දා හත දවල් දොළහ පැයේ
Õගයේෂා දරු ප්‍රසූතිය සඳහා තෝරා ගත්තේ මොන රෝහලද?
නයින් වෙල්ත්ස්‌ රෝහලේදි තමයි බබා හම්බවුණේa
Õතාම නමක්‌ දැම්මේ නැද්ද පුතාට?
තාම නෑ… වෙලාව බලලා අකුරක්‌ බලලා එහෙම දාන්න ඕන
Õඉස්‌සෙල්ලා පුංචි පුතාගේ මූණ දැක්‌කම මොකද හිතුණේ?
ඇත්තටම ඉතිං පුතා හම්බවෙන්න ඉන්දැද්දි හැම අම්මා කෙනෙක්‌ වගේම මමත් පුතා එනකං හිටියේ නොඉවසිල්ලෙන්, මඟ බලාගෙන. ඉතිං ලොකු සතුටක්‌ වගේම ජීවිතේ සම්පූර්ණයි වගේ හැඟීමක්‌ මගේ හිතට දැනුණා.
Õහිතේ කැමැත්තක්‌ තිබුණේ ඉස්‌සෙල්ලා දුවකගේ මූණ බලන්නද? පුතෙකුගේ මූණ බලන්නද?
එහෙම හිතුවේ නෑ අපි දෙන්නම… පුතා හම්බවෙන්න ඉන්නවා කියලා දැනගත්තම මහත්තයයි මමයි දෙන්නම සතුටු වුණා ඒ ගැන.
Õආයෙත් කලා කටයුතු පටන් ගන්න හිතං ඉන්නේ කවදා විතරද? ෂුටිං එහෙම?
මං රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය 11ක්‌ විතර එන්න තියෙනවා. ඒත් එක්‌කම චිත්‍රපට තුනක විතර වැඩ ඉවර කළා. චිත්‍රපටවල වැඩ නං සම්පූර්ණයෙන් අවසන් කරපු නිසා ගැටලුවක්‌ නැහැ. නමුත් අලුත් වැඩ නං පුතාට අවුරුද්දක්‌වත් යනකං මං භාරගන්න හිතන්නේ නැහැ.
Õගයේෂා ෂූටිං ගියොත් කවුද පුතාව බලාගන්නේ?
ඇත්තටම හදිසියේ ඒ වැඩ වලට යන්න හිතුවේ නැහැ. දින වකවානුවක්‌ ගැන අදහසක්‌ නෑ. පුතාට මාස තුනක්‌වත් වෙනකං ෂූටිං තියා කොහාටවත් යන්න අදහසක්‌ නැහැ.
Õහසන්ජිත් මොකද කිව්වේ?
අපි දෙන්නගේ ජීවිතේ වැදගත්ම දවස එදා. එයා හුඟක්‌ සතුටු වුණා. ඉතිං මේ ලෝකේ මගේ සැමියා තරම් සතුටුවෙන කෙනෙක්‌ නෑ. එයා පුතා වෙනුවෙන් කරන්න තියෙන, කරන්න පුළුවන් හැමදේම කරනවා. අපේ ජීවිතේ වාසනාවන්තම දවස තමයි එදා.
Õපුතා කවදාහරි ගායකයෙක්‌ වෙනවටද රංගන ශිල්පියෙක්‌ වෙනවටද අම්මයි තාත්තයි වැඩිය කැමති?
අපි දෙන්නගෙම බලාපොරොත්තුවක්‌ නෑ පුතා අසවල් වෘත්තියේ නියෑළෙන්න ඕන කියලා. පුතාට හොඳ අධ්‍යාපනයක්‌ ලබන්න ඕන, හොඳ පාසලකට යන්න ඕන, හොඳ ජීවිතයක්‌ ගත කරන්න ඕන, හොඳ පුරවැසියෙක්‌ වෙන්න ඕන කියන හැඟීම අපි දෙන්නටම තියෙනවා.
Õබබා ලැබුණට පස්‌සේ ගයේෂාගේ දේශපාලන ජීවිතය කොයි විදිහට වෙනස්‌ වේවිද?
පසුගිය කාලයේදීත් දේශපාලන ජීවිතේ නං නැවතුණේ නැහැ. මාර්තු මාසයේ පැවැත්වුණු දේශපාලන වැඩසටහන්වලට පවා මං සහභාගි වුණා. මට හිතෙන්නේ ඉදිරියේදී කලාවටත් වැඩිය දේශපාලනයට මම යොමු වේවි කියලා.
Õමෙතුවක්‌ ගෙවපු ජීවිතය පුංචි පුතා ආවට පස්‌සේ වෙනස්‌වෙලා තියෙන්නේ කොහොමද?
මෙච්චර කල් ගෙවපු ජීවිතය පොඩි හරි වෙනසක්‌ වුණා. ඒ වෙනස වෙලා තාම වැඩි දවසක්‌ නැහැ. ඒත් ඒ දවස්‌ කිහිපය මට මහමෙරක්‌ වගේ.
Õකවදා හරි පුතා කිව්වොත් අම්මේ අම්මා රඟපානවට මම කැමති නෑ, දේශපාලනය කරනවට මම කැමති නෑ කියලා ගයේෂා මොකක්‌ද ගන්න තීරණය?
සමහරවිට පුතා එහෙම කිව්වොත් මම මේ දේවල් වලින් ඈත් වේවි. නමුත් මම මෙහෙමත් හිතනවා, පුතා ලැබෙන්න ඉන්න කොටත් මම රඟපෑවා, දේශපාලනය කළා. අනික අම්මගෙයි තත්තාගෙයි දෙන්නගෙම කලාව ගැන තියෙන රසය ඒ දේවල් එයාටත් ඇති. ඒ නිසා එයා එහෙම තීරණයක්‌ ගන්න එකක්‌ නැහැ කියලා මම හිතෙනවා.
Õගයේෂාත් පසුගිය කාලේ වෙනස්‌ වුණු රූපේ රැකගන්න කරදර වෙනවද?
මගේ පෙනුමේ මුහුණේ නං ලොකු වෙනසක්‌ වුණේ නැහැ. හැබැයි හමේ පාට නං හුඟක්‌ වෙනස්‌ වුණා. හුඟක්‌ අඳුරු පැහැයක්‌ වුණා. නමුත් දරුවා ලැබෙන්න ඉන්න කාලේදි මම ඒ කිසිම දෙයක්‌ ගැන හිතුවේ නෑ. පුතාගේ ආරක්‌ෂාව, සෞඛ්‍යය ගැනමයි හිතුවේ. මම කොණ්‌ඩේ කපන්නවත් ෆේෂල් එකක්‌ තරම් දෙයක්‌ කරන්නවත් උනන්දු වුණේa නෑ මේ කාලේ පුරාවට, පුතා හම්බවෙන්න හිටපු නිසා. නමුත් දැන් එතැනින් මිදෙන්න කාලේ හරි. දැන් පුතාටත් එක්‌ක අපි හොඳින් ලස්‌සනට ඉන්න ඕන කියලයි මං හිතන්නේ. මම ලස්‌සනට ඉන්නවා නං අනිත් කාටත් වඩා මගේ පුතා සන්තෝෂ වේවි.
Õකොහොමද හසන්ජිත් පුතා එක්‌ක ගෙවන ජීවිතේ?
සාමාන්‍යයෙන් හසන්ජිත් පුංචි අයට එතරම් ක්‌ලෝස්‌ වෙන කෙනෙක්‌ නෙමයි. ඒත් දැන් වෙනස්‌වෙලා වගේ. එයා බබත් එක්‌ක හුඟක්‌ කිට්‌ටුවෙන් ආදරෙන් දවස ගෙවනවා. ඒ දෙන්නා හරිම ආදරෙන් ඉන්නවා හිනාවෙනවා, කතා කරනවා, අපිට හිනා ඒ දෙන්නගේ විකාර වැඩ දැක්‌කම…
Õදැන් ඉස්‌සරහට රඟපාන්නේ අම්මාගේ චරිතය විතරද?
එහෙම නෑ ඉතිං බලමුකෝ නේද…
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

වෛද්‍ය සැපයුම් අංශයේ අක්‍රමිකතාවක්-විමර්ශන අරඹයි

Shiran Viraj

ක්‍රිකට් ගොඩනැංවිමට සැකසු විශේෂ යෝජනාවලිය

Shiran Viraj

වරාය බහලුම් ප්‍රවාහකයෝ වර්ජනයක් අරඹති

Shiran Viraj