mediahumanrights.lk
Local NewsNews

අපරීක්ෂාකාරී ළමා මරණ සඳහා අලාභ අයකර ගන්න නීති හදන්න පියවර

යම් තෙවන පාර්ශවයක නොසැලකිල්ල හෝ අපරීක්ෂාකාරී බව හේතුවෙන් බාලවයස්කාර දරුවෙකුගේ මරණය සිදුවූ විට අදාළ වගකිව යුතු පාර්ශවයෙන් එම දරුවාගේ මව්පියන්ට අලාභ හානි අයකර ගැනීමට හැකිවන ආකාරයෙන් නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.
දරුවාගේ මරණය හේතුවෙන් මව්පියන්ට ඇතිවන මානසික වේදනාව සහ අනාගත බලපෑම් වෙනුවෙන් මෙලෙස අලාභහානි අයකර ගැනීමට හැකිවන පරිදි නීති සම්පාදනය විය යුතු බවට අවධානය යොමු වී ඇත.
ඒ අනුව මේ සඳහා විධිවිධාන සලසන ලෙස සුදුසු ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක්  ඉදිරිපත් කර තිබේ.
එම යෝජනාව සඳහා ඊයේ (28)රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.
(under the courtesy of adaderana news web)

Related posts

නරේන්ද්‍ර මෝදිට ධවල මන්දිරයේදී උණුසුම් පිළිගැනීමක්

Shiran Viraj

ජනාධිපතිවරණයක්… පොහොට්ටු බලමුළු කැදවයි.. අලුත් සන්ධානයක්…

Shiran Viraj

හිරු විදුලිය රජ ගමනක.. ඒකක බිලියන බාගයක් ජාතික පද්ධතියට..

Shiran Viraj
Translate »