mediahumanrights.lk
Local NewsNews

සයිටම් වසා දැමීමට පාදෙනිය නවීන් සමග අනුර කුමාර එක්වේ

ගැටළුකාරී සයිටම් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, වෛද්‍ය නවීන් සොයිසා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් හා ජවිපෙ අතර සාකච්ඡාවක් ඊයේ(06) පැවැත්විනි.

පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති එම සාකච්ඡාව සඳහා ජවිපෙ නායක අනුර දිසානායක සහ ජාතික සංවිධායක බිමල් රත්නායක යන මහත්වරු සහභාගී වූහ. රෝගී ජීවිත අනතුරට ලක්කරන සහ රටේ සෞඛ්‍ය සේවාව අනතුරට ලක්කරන සයිටම් ආයතනය පරාජය කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ එහිදී සඳහන් කරන ලදි.
සයිටම් ආයතනය පරාජයට පත්කිරීමට පෙළ ගැසෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව ඉදිරියේදී කටයුතු කරන බව පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා පවසා සිටියේය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්

Related posts

යාපනයේ එළවළු දඹුල්ලට

Shiran Viraj

පුංචි වෙනසකටත් එක්ක කෝල් එකක් ගත්තෙ"බස් පෙම්වතාගෙන් පෙම්සුව පතා ආ ඇයට අන්තිමේදි වෙච්ච දේ..

Shiran Viraj

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..

Shiran Viraj
Translate »