31 C
Colombo
2026-02-19
mediahumanrights.lk
NewsSportsSports News

පිටිය මවිත කරමින් පළමු පන්දුවාරයේම මාලිංගගේ පන්දුව කඩුල්ල සොයාගිය හැටි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම අතර පන්දුවාර 20 පුහුණු තරගය අද පැවැත්වුණේ දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.
මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සදහා මෙරට කාසියක් උපයෝගී කර ගැනීම කැපී පෙනුනා.
කාසියේ වාසිය දිනාගත් උපුල් තරංග තෝරාගත්තේ පන්දු යැවීමයි.
ආබාධයක් හේතුවෙන් වසරක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ලසිත් මාලිංග සුවය ලැබීමෙන් පසු සහභාගී වූ පළමු තරගය වූ මෙම තරගයේ පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගන්නට සමත් වුණා. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 169 ක්. විකුම් සංජය කඩුලු 3 ක් දවා ගත්තා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 170 ක් ලබාගෙන තරගය ජය ගත්තේ පන්දුවාර 17 යි එක් පන්දුවක් වැය කරමින්. නිරෝෂන් දික්වැල්ල පන්දු 26 කින් ලකුණු 47 ක් රැස් කළා. නායක උපුල් තරංග නොදැවි ලකුණු 47 යි.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග 3 කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන සිකුරාදා පැවැත්වෙනවා.
යලි කණ්ඩායමට එක්වූ මාලිංග පිටිය මවිත කරමින් පළමු පන්දුවාරයේම කෙලින්ම කඩුල්ලට එල්ලකළ සුපිරි පන්දුව පහතින්.

Related posts

ආරක්‍ෂක ලේකම්ට 60යි.. සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක්..

Shiran Viraj

අලුත් වාහන නැතිව ජනතාව අසීරුවේ.. ඩොලර් තියන නිසා වාහන ගේමු..- ආනයනකරුවන්

Shiran Viraj

ජනාධිපති ආර්යාව පිළිබඳව රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Shiran Viraj
Translate »