mediahumanrights.lk
Local NewsNews

නාවික හමුදාපතිට සේවා දිගුවක්

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා විසින් සේවා දිගුවක් ලබා දි තිබේ.
අද(22) දිනයේ මෙම සේව දිගුව ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
වයිස් අද්මිරාල් රවින්ද්‍ර (රවි) විජේගුණරත්න කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, 1980 වසරේ නොවැම්බර් 01 වන දින 09 වන බඳවාගැනීමට අයත් කැඩෙට් නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්ව ඇත.
ඔහු, අවසන් වරට සාගරික රාජකාරින්හි නිරත වුයේ ශ්‍රි ලංකා නාවික හමුදාව සතු ධජ නෞකාව වන ශ්‍රිලංකානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරි වශයෙනි. නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, FOCNF, ඉන්දියාවේ පිහිටි ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් සහ ආරක්ෂක උපදේශක, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, විශේෂ බලකා, නාවික නිරික්‍ෂණ, දකුණු, බටහිර, උතුරු සහ නැගෙනහිර නාවික ආඥාපති, අධ්‍යක්‍ෂ ජනරාල් ශ්‍රි ලංකා වෙරලාරක්‍ෂක බලකාය සහ මාණ්ඩලික නිලධාරි ඔහු විසින් හොබවන ලද අනෙකුත් ප්‍රධාන තනතුරු ලෙස දැක්විය හැකිය.
නාවික හමුදාවේ විශේෂ බලකාය ලෙස සැලකෙන විශේෂ යාත්‍රා බලඝනයේ නිර්මාතෘ මෙන්ම, එහි ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා වන්නේද වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නවේ.

Related posts

ජනාධිපති ගෝටාභයට බුදුබව අත්වෙනවා..- රණවිරු සුනිල් රත්නායකගේ බිරිද හඬා වැටේ..[Video]

Shiran Viraj

ඩොලර් නැතිව රජයේ මුද‍්‍රණාලයට කඩදාසි නෑ..

Shiran Viraj

උත්සව සමයේ සහල් මිල ඉහළ යන ලකුණු

Shiran Viraj
Translate »