mediahumanrights.lk
News

කරුණාගෙන් නව පක්‍ෂයක්‌

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ හිටපු උප සභාපතිවරයකු මෙන්ම නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ද වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ එක්‌සත් නිදහස්‌ පෙරමුණ නමින් නව දේශපාලන පක්‍ෂයක්‌ පෙරේදා (11 වැනිදා) මඩකලපුවේදී ආරම්භ කෙරිණි.
ආරම්භක අවස්‌ථාවේදී නව පක්‍ෂය සඳහා ලේකම්වරයකු ඇතුළු නිලධාරි මණ්‌ඩලයක්‌ ද පත්කරගන්නා ලදී.
ඒ අනුව දෙමළ එක්‌සත් නිදහස්‌ පෙරමුණ නමැති නව පක්‍ෂයේ ලේකම්වරයා ලෙස ටී. විමලදාස මහතා පත්ව සිටින අතර ඔහු මඩකලපුව දිස්‌ත්‍රික්‌ සිවිල් සංවිධානයේ සභාපති ලෙස ද කටයුතු කරයි.
මඩකලපුව නව පක්‍ෂ කාර්යාලය විවෘත කිරීමෙන් පසු අදහස්‌ දැක්‌වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා සඳහන් කළේ ඉදිරියේ මෙම පක්‍ෂය ලියාපදිංචි කිරීමට කටයුතු කරන අතර ජනතාව වෙනුවෙන් උපරිම සේවාවක්‌ ඉටුකිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

Related posts

ලෝකයම එපා කියන ලංවිමට නැතිවම බැරි ගල් අගුරු බලාගාර – ඇත්ත කතාව මෙන්න

Shiran Viraj

රාජිත ආණ්ඩුවට.. අයවැයට පෙර ඇමතිකමක්…

Shiran Viraj

මැතිවරණය 20 තියන්න බෑ.. සෞඛ්‍ය නිර්දේශඅත්‍යවශ්‍යයි..- මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

Shiran Viraj
Translate »