mediahumanrights.lk
Local NewsNewsPolitical

ආණ්ඩුව පෙරළන්න බෑ – ගොවියෙක් රජවෙලා ඉන්නේ.

මේ ආණ්ඩුව පෙරළන්න බැ. ඒ අය දකින්නේ දවල් හීන විතරයි. නිල් පාටයි, කොළ පාටයි එකට ආණ්ඩු කරන වේලාවේ ඉතිහාසයේ පළමු වතාවට ගොවියෙක් රජවෙලා රට පාලනය කරන පළමුවැනියා මෛත්‍රීපාල සිරිසේන මහතා’ යැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවසුවේය. නිකවැරටිය, බලගොල්ලාගම ප්‍රදේශයේදී ගොවි සංවිධාන කිහිපයකට ගොවි උපකරණ ලබාදීමේ සහ ගොවි කාර්යාල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එහිදී ඒ මහතා තවදුරටත් මෙසේද පැවසීය.
අද විපක්ෂයේ කියාගත් කීපදෙනකු මේ රට විකුණනවා, පාවා දෙනවා යැයි එක එක කතා කියනවා. ඒ සියල්ල පුස්සක් වෙලා. මහින්ද මහත්තයාගේ කා‍ලේ භාණ්ඩාගාරයේ ගැටලු තිබුණු නිසා අපි පැරදුණා. යුද්දේ ඉවර කෙරුවට ප්‍රශ්න පිරිලා තිබුණේ.
ජාත්‍යන්තර අභියෝග ගලාගෙන ආවා. ඒ කා‍ලේ හනිමූන් ගිහිල්ලා වසන්තේ උදා කරගෙන හිටියාට දැන් තමයි නියම විදිහට දරුවෝ හදාගෙන ගුණ දහම් කියාගෙන නියම සංවර්ධනයට රට ගෙනියන්නේ. එහෙම ගෙනියනකොට තමයි රට විකුණනවා කියලා ඔය අය කෑගහන්නේ. චන්ද්‍රිකා මැතිනිය කා‍ලේ වතුකරයම බදු දුන්නා අවුරුදු අනූ නවයකට. එදා මහින්ද ඒකේ අගමැති. මමත් ඇමැති කෙනෙක් වෙලා හිටියා. මම හැබැයි කාසියේ ‍පොල්ල, මූණ වාගේ දෙපැත්තෙන් කොයි එක වැටුණත් කොහේ හරි ඇමැති කෙනෙක්. අද ඇතැමුන් අධිකරණයෙන් පළිගන්න රාජ්‍ය සභාවෙන්, පළිගන්න මහ පාරවල්වල දවස ගාණේ පේළි හැදිලා ඉන්නවා. මේවා ඒ තරම් අනුකූල දේවල් නමෛයි. මේ සියල්ලටම ඉඩදීලා කරගෙන යන්ඩ දීලා බලාගෙන ඉන්නේ මේක හොඳ සුසංයෝගයක් තියෙන යහපාලන ආණ්ඩුවක් හින්දයි. ඒ නිසා ආණ්ඩු පෙරළන අයට කියන්න තියෙන්නේ ඒ අය දකින්නේ දවල් හීන විතරයි කියලයි. මම කියා සිටින්නේ.
මෙම අවස්ථාවට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක එච්.බි. තෙන්නකෝන්, පළාත් සභා මන්ත්‍රී නිලන්ත සුපුන් රාජපක්ෂ ඇතුළු ගොවි සංවිධාන රැසක ගොවීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
– ගොසිප්Cලංකා

Related posts

ටින් අංකය හදන්න 10,000ක් ගෙවන්න වෙලා..

Shiran Viraj

භූමදානය කළ යුතුමයි කියමින් මහනුවර කොරෝනා මළසිරුර රෝහලේ දමා ඥාතීහු පිටව යති

Shiran Viraj

සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි

Shiran Viraj
Translate »