mediahumanrights.lk
Local News News

SAITM අර්බුදය සාධාරණ ලෙස විසඳනවා – ජනපති

කිසිවෙකුට අසාධාරණයක් නොවන අයුරින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටලුව විසඳන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොරොන්දු විය.
ජනාධිපතිවරයා මෙසේ පොරොන්දු වුණේ, අද නුවරඑළියේ පැවති උත්සවයක් අමතමිනි.
වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදිකළ පළමු ගම්මානය ලෙස නුවරඑළිය, ආගරපතන, හුට්විල්පුර අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළේ ය.
ලයිම් කාමර වෙනුවට වතු ආශ්‍රිතව නව ගම්මාන ඇති කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිකළ මෙම ගම්මානය නිවාස 150කින් සමන්විත ය.
පර්චස් 07ක භූමියක වර්ග අඩි 550ක නිදන කාමර, විසිත්ත කාමරයක්, මුලුතැන් ගෙයක් හා නාන කාමරයක් ඇතුළු පහසුකම් සහිතව එහි නිවාස ඉදිකර තිබේ.

Related posts

ආර්ථිකය වර්ධනය කර ගැනීමට නම් වැඩි වශයෙන් කර්මාන්ත හා සේවා අංශයන් සඳහා අවධානය යොමු විය යුතුයි

Shiran Viraj

නියැදියකින් ඔමික්‍රෝන් 75ක් හදුනාගනී.. මෙරට ආසාදිතයන් 96%ක් ඔමික්‍රෝන්…

Shiran Viraj

ධම්මික බණ්ඩාරගේ සහෝදරයා කොරෝනා ආසාදිතව මිය යයි…

Shiran Viraj