mediahumanrights.lk
Local NewsNews

"FCID යට බයවෙන්න එපා"

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බියෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන් නිසි පරිදි සිය රාජකාරි කටයුතු ඉටුකිරීමට මැළිකමක් දක්වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ ඊයේ (පෙබ.13) හම්බන්තොට දිස්ත්‍රික්කයේදී සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් අමතමිනි.
සෞඛ්‍ය සේවයේ උන්නතිය උදෙසා රාජකාරි කිරීමේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බිය වී කටයුතු නොකරන ලෙසත් ඇමතිවරයා සෞඛ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.
“ඇතැම් රාජ්‍ය නිලධාරීන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බයේ රාජකාරි කටයුතු මන්දගාමී තත්ත්වයට පත්කර තිඛෙනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බිය වී රාජකාරි කටයුතු කරන්න එපා. ප්‍රශ්නයක් වුනොත් එහි වගකීම අපි බාර ගන්නවා,” යනුවෙන් අමාත්‍යවරයා පැවසුවේය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රශ්න කිරීම්වලට ලක්වනු ඇතැයි යන බියෙන් රජයේ සේවකයන්ගේ කටයුතු මන්දගාමී වී ඇති බව අමාත්‍යවරුන් කීප දෙනෙකුම මින් පෙර ද ප්‍රකාශ කර තිබුණි.

Related posts

අවුරුදු 19-25 වයස් කාණ්ඩයේ තරුණයින් අතර HIV ආසාදනයේ වීමේ වර්ධනයක් : පුද්ගලයින් 1600ක් ආසාදිතයින් බව නොදැන සමාජයේ සිටින බවට අනතුරු අඟවයි

Shiran Viraj

ෆේස්බුක් ලයික්ස් වෙනුවෙන් දරුවා බිළිඳුන් නරුම පියෙක්

Shiran Viraj

කසළ වලින් විදුලිය නිෂ්පාදනය කරන්න රජයේ අවධානය

Shiran Viraj
Translate »