mediahumanrights.lk
Local NewsNews

සයිටම් වසා දැමීමට පාදෙනිය නවීන් සමග අනුර කුමාර එක්වේ

ගැටළුකාරී සයිටම් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, වෛද්‍ය නවීන් සොයිසා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් හා ජවිපෙ අතර සාකච්ඡාවක් ඊයේ(06) පැවැත්විනි.

පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති එම සාකච්ඡාව සඳහා ජවිපෙ නායක අනුර දිසානායක සහ ජාතික සංවිධායක බිමල් රත්නායක යන මහත්වරු සහභාගී වූහ. රෝගී ජීවිත අනතුරට ලක්කරන සහ රටේ සෞඛ්‍ය සේවාව අනතුරට ලක්කරන සයිටම් ආයතනය පරාජය කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ එහිදී සඳහන් කරන ලදි.
සයිටම් ආයතනය පරාජයට පත්කිරීමට පෙළ ගැසෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව ඉදිරියේදී කටයුතු කරන බව පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා පවසා සිටියේය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්

Related posts

ජනවාරි 10ට පෙර විසුරුවාහරී.. මැතිවරණය කැදවයි..

Shiran Viraj

පන්සල් 50කට පහර දෙන්න සූදානමක්..තොරතුරු මා සතුයි- ඥාණසාර හිමි

Shiran Viraj

මිචෙල් ස්ටාක් වෙනුවට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ටොම් කරන් කැඳවයි

Shiran Viraj
Translate »