mediahumanrights.lk
Local NewsNewsPolitical

සයිටම් ගැන වැදගත් තීන්දුවක්‌

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ මතුව ඇති ගැටලුවට සියලු දෙනා සමග සාකච්ඡා කර රටට වැදගත් සහ ඵලදායී තීන්දුවකට එළැඹීමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (20 වැනිදා) රාත්‍රියේ එම වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපිය සංසදය සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස සමග ජනාධිපති නිල නිවසේ පැවැති සාකච්ඡාවේදී පැවැසීය.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මෙන්ම දෙමාපිය සංසදයේ කිහිප දෙනකුද මෙහිදී අදහස්‌ දැක්‌වූ අතර ශිෂ්‍ය නියෝජිතයෝ ද තම අදහස්‌ හා යෝජනා ඉදිරිපත් කළහ.
මෙම ගැටලුව විසඳීමේදී සියලු පාර්ශ්වයන් ඉදිරිපත් කරන අදහස්‌ ඉතාමත් අවධානයෙන් සැලකිල්ලට ගන්නා බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා විශේෂයෙන් එහිදී ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවගේ අදහස්‌ පිළිබඳ විශේෂ අවධානයක්‌ යොමු කරන බවද කියා සිටියේය.
තමන් මේ වන විටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සමගද මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්‌ පවත්වා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉදිරියේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග මෙන්ම වෛද්‍ය සභාව සමගද සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බව පැවැසීය.

 

Related posts

හමුදා සේවය හැර ගිය 1300 ක් අත්අඩංගුවට

Shiran Viraj

එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව “බ්ලොක්” වෙයි – හේතුව මෙන්න!

Shiran Viraj

පොහොට්ටුවේ ජයග‍්‍රහණයට ජපානයෙනුත් සුබ පැතුම්

Shiran Viraj
Translate »