mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

සත් දිනක් තුල සුරූපී තරුණියකගේ ජීවිතය විනාශ වූ හැටි

අත්භූත චිත්‍රපට මාලාවක් වන Rings චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපට පසුගිය 03වනදා හොලිවුඩයෙන් ප්‍රේක්ෂකයන් අතරට පත්වුණා.
2002 වසරේ සහ 2005 වසර වලදී නිකුත්වූ  Rings චිත්‍රපට දෙක ප්‍රේක්ෂකයන් අතර කතා බහට ලක්වන චිත්‍රපට බවට පත්විම විශේෂත්වයක්.
පසුගියදා ප්‍රදර්ශනය ආරම්භ කළ Rings චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ F.Javier Gutiérrezගේ අධ්‍යක්ෂණයක්.
Matilda Anna Ingrid Lutz, Alex Roe, Johnny Galecki  වැනි රංගන ශිල්පින් ශිල්පිනියන් මෙම නිර්මාණය සදහා රංගනයෙන් දායක වී ඇති අතර  David Loucka සහ Jacob Estes විසින් මෙහි පිටපත නිර්මාණය කර තිබෙනවා.
මෙම චිත්‍රපට මාලාවේ අනෙකුත් චිත්‍රපටවල මෙන් නොසිතන වේලාවක ලැබෙන අත්භූත වී‍ඩියෝ පටයක් ජිවිතයකට සිදුකරන බලපෑම මෙම කතාව තුලද  දිගහැරෙනවා.
ඩොලර් මිලියන 25ක වියදමක් දරමින් නිෂ්පාදනය කර ඇති Rings චිත්‍රපටය මිනිත්තු 102ක කාලයක් තුල වෙනස්ම ආකාරයේ කතාවක් ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන බවයි එහි නිෂ්පාදකයන් පවසන්නේ.
චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පහතින්.

Related posts

රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා

Shiran Viraj

CEB සේවකයන් 24,000ක් ඉවත් කරනවා…

Shiran Viraj

ජේතවන දාගැබේ කුණු පුරවන්න කියපු සමනලීට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

Shiran Viraj
Translate »