mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

අයි.සී.සී ලෝක කුසළාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් කඩුලු පහක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.
කොළඹ එන්.සී.සී ක්‍රිඩාංගණයේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනූ  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය පාකිස්ථාන කාන්තා කණ්ඩායමට ලබා දී ඇත.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 212ක් රැස් කළේය.
නහීඩා ඛාන් ලකුණු 64යි.
ජවේරියා ඛාන් ලකුණු 63යි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ඉනෝකා රණවීර සහ චමරි පොල්ගම්පල කඩුලු 02 බැගින් දවා ගෙන ඇත.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 04කදී කඩුලු 05ක් දැවී ලකුණු 216ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කළේ ය.
ඊෂානි ලොකුසූරියගේ නොදැවී ලකුණු 65යි.
ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 45යි.

Related posts

දන්දිනා වැදු නාලිනී හැදු රනිල් රාජපක්‍ෂගේ අවසානය බිහිසුණුයි..- හිරුණිකා අමුතු ඇගිලි සංඥාවක් පෙන්වමින්

Shiran Viraj

පාකිස්තාන-ශ්‍රී ලංකා සංචාරක ගිවිසුමක්

Shiran Viraj

පුංචි වෙනසකටත් එක්ක කෝල් එකක් ගත්තෙ"බස් පෙම්වතාගෙන් පෙම්සුව පතා ආ ඇයට අන්තිමේදි වෙච්ච දේ..

Shiran Viraj
Translate »