mediahumanrights.lk
International NewsNews

වසර 7 ක් හොංකොං පාලනය කළ ඩොනල්ඩ් සන්ග් හිරගෙට

2005 සිට 2012 දක්වා, හොංකොං රාජ්‍යයේ නායක ( ප්‍රධාන විධායක) ලෙස කටයුතු කළ ඩොනල්ඩ් සන්ග් (72)
අසාමාන්‍ය වත්කම් ඉපැයීමේ චෝදනා මත වරද කරුවී මාස 20 ක සිර දඩුවමකට අද යටත් විය.
අග්නිදිග ආසියාවේ ප්‍රබල වෙළෙඳ නගරයක් ලෙස හොංකොං නගා සිටිවීමට අවුරුදු 40 ක දේශපාලන ජීවිතය තුළ මහත්සේ කැපවීමක් කළ නායකයෙකු බව කියන සෙන්ග් මහතා සිර ගත කිරීමේ නිවේදනය කියවූ විනිසුරු ඇන්ඩෲ චෑන් කියා සිටියේ “මම මගේ අධිකරණ වෘත්තීය ජීවිතය තුළ මෙතරම් උසකින් මිනිසෙකු වැටීමට ලක් කර නැත” යනුවෙනි.
ඔහුට එල්ලවූ විෂමාචාරය සඳහා උපරිම දඩුවම අවුරුදු හතක් වුවද විනිසුරු මාස 20 කට පමණක් නියම කළේය. හොඳ චරිතය හා යහපත් කල් ක්‍රියාව මත එය මාස ​​10 ක් දක්වා අවම කරගත හැකි වනු ඇතැයි පැවසේ.
හොංකොං දේශය පාලනය වන්නේ ව්‍යාපාරයක් පාලනය කරන අධ්‍යක්ෂ මණ්ඩලයක ආකාරයටය. එහි ප්‍රධාන විධායක ලෙස සිටියේ සන්ග් මහතාය. ඔහුගේ පාලන කාලය තුළ අයථා ලෙස මහල් නිවාසයක් මිලට ගැනීමට හා රූපවාහිනී නාලිකා බලපත්‍රයක් අතයට ගනුදෙනුවක් සේ ලබාදීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චෝදනා ගොනු විය. ඔහු හොංකොං ඩොලර් මිලියන 3.35 ක අල්ලසක් ලබාගත් බවට ගොනුවූ නඩුවේදීද වරද පිළිගන්නට සිදුවිය.
ඔහු මහජන විශ්වාසය කඩකිරීම සහ හොංකොං නායකයන් සහ ධනවත් කුවේරයන් අතර පැවති සම්බන්ධය පළුදු කළ බවට චෝදනා මත ඔහුට මෙම දඩුවම පැනවිණි.

Related posts

ලංකාව චීනයේ ලොකුම තුන්වැනි ණයකරු වෙයි.. අවසන් වසරේ ණය ඩොලර් බිලියන 17යි..

Shiran Viraj

තාත්තා මගේ ගම­නට හොඳ මග ­පෙ­න්ව­න්නෙක් නිරූ­පි­කා­වක වීමට හීන මවන හිරුණි විජේ­සිංහ

Shiran Viraj

එංගලන්තයට විස්සයි විස්ස තරගාවලි ජයක්

Shiran Viraj
Translate »