mediahumanrights.lk
Local NewsNews

මන්ත්‍රී විමල් යළිත් රක්ෂිත බන්ධනාගාරයට

රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන 20 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, හිටපු මන්ත්‍රීවරයා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද ඉදිරිපත් කීරීමෙන් අනතුරුව ය.
නඩුවේ දෙවන සැකකරු වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හිටපු නියෝජ්‍ය සාමාණාධිකාරී සමන්ත ලොකුහැන්නදිගේ මහතා ද ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඔහු සම්බන්ධයෙන් වන ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව එදිනට නිකුත් කරන බව ද මහේස්ත්‍රෙත්වරිය සඳහන් කළා ය.
විමල්වීරවංශ මහතා අවභාවිත කළ බව කියන වාහන 40 ඔහු වෙත ලබා දීමට පියවර ගත්, රජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සහ අනෙක් සභාපතිවරයා වාහන ලබාදීමට පියවර ගෙන ඇත්තේ, නීති චක්‍රලේඛ හා ක්‍රියාපටිපාටි අනුගමනය කර දැයි, විමර්ශනය කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේ ය.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට වාහන 03 ක් ලබා දී ඇති බව ත්, මෙම වාහන ලබා දී ඇත්තේ, නිවාස සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයාගේ සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව බවත්, විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ ය.
අමාත්‍යංශයේ වත්මන් ලේකම්වරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව එම ක්‍රියාදාමයට වගකිව යුත්තේ, හිටපු නියෝජ්‍ය අමාත්‍යරයාට එම වාහන තුන ලබාදීමට ක්‍රියා කළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන භාර නිලධාරියා බවට අනාවරණය වූ බව ද වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

Related posts

Covid 19 ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිටව යයි

Shiran Viraj

රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…

Shiran Viraj

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයි

Shiran Viraj
Translate »