27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
LIFE LIFE NEWS

ඔබ ගර්භණී නම් මේ ගැනත් හිතන්න

මාස 9ක් වූ ගර්භණී සමය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනු ලබයි. මුල් මාස 3ක කාලය ප්‍රථම ත්‍රිමාසිකය (1st Trimester) ලෙස හඳුන්වන අතර මවගේ ගර්භාෂය තුළ පිළිසිඳගත් කලලයේ අවයව නිර්මාණය වීම එම කාලය ඇතුළත සිදුවන වැදගත්ම සිදුවීමයි. සමහර බෙහෙත් වර්ග, සමහර ආහාර භාවිතය හෝ වැරදි චර්යා ක්‍රම මෙම පළමු මාස 3ක කාලය ඇතුළත සිදුවන විට එමගින් කලලයට හානි විය හැකි බැවින් මව්වරු ඒ ගැන වැඩිපුර අවධානය යොමු කළ යුතු වේ. ගර්භණී අවධියේ එම මුල් කාලය තුළ මව්වරුන් පිළිපැදිය යුතුම කරුණු කාරණා.
ෆෝලික් අම්ලය
දරුවෙක් වර්ධනය වනවිට ඇතිවිය හැකි ස්නායු පද්ධතිය හා සබැඳි සංකූලතා අවම කරගැනීමට පළවැනි මාස 3 පුරාවට ෆෝලික් අම්ලය භාවිත කිරීම අනිවාර්ය කරුණකි.
සාමාන්‍ය මව්වරු සඳහා සාමාන්‍ය මාත්‍රාවත්(1mg. දිනකට) අධික අවදානම් තත්ත්ව ඇති මව්වරු සඳහා අධික මාත්‍රාවත් (5mg. දිනකට) අනුමත කරයි.
දින සනාථ කරන ස්කෑන් පරීක්ෂණය
කලලයට සති 10ත් සති 14ත් අතර කාලයේදී ස්කෑන් පරීක්ෂණක් කරගැනීම සඳහා සියලුම ගර්භණී මව්වරු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු මුණ ගැසේ. එම ස්කෑන් පරීක්ෂණය මගින් කලලයේ දින ඉතා නිවැරදිව සනාථ කරන අතර වර්ණදේහ අසාමාන්‍යතා සඳහා වැඩි අවධානයක් ඇති කලල හඳුනා ගැනීමද සිදුකෙරේ.
රක්තහීනතාවය
රක්තහීනතාවය ගර්භණී අවධියේ ඉතාමත් සුලබ රෝගී තත්ත්වයකි. පළමු මාස 3 ඇතුළත සිදුකරන හිමොග්ලොබින් (Hb) පරීක්ෂණයක් මගින් එම රෝගී තත්ත්වය හඳුනා ගනියි. යකඩ ප්‍රමාණය, අධික පලා වර්ග, මස් හා මාළු වර්ග වැඩිපුර අනුභවය තුළින් රක්තහීනතාවය ඇතිවීම අවම කරගත හැකිවේ. පළමු ඩ්ඡ පරීක්ෂණයේ අගය 11කට වඩා අඩුවන සියලුම මව්වරු ප්‍රතිකර්ම සඳහා වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතු වේ.
පිරිසිදු ආහාර හා වතුර
නිවසේ පිසගත් පිරිසිදු නැවුම් ආහාර ගැනීම හා උණුකර නිවාගත් වතුර පානය කිරීම ගර්භණී මව්වරුන්ට ඉතා වටිනා ඔවදනකි. වතුරෙන් සහ කෑම මගින් මවට ශරීරගත විය හැකි, උදරාබාධ කාරක වෛරස හා බැක්ටීරියා ආසාදන අවම කරගැනීමට එමගින් මග පෑදේ.
ව්‍යායාම
විශේෂ අවදානම් සහිත රෝග තත්ත්වවලින් පෙලෙන මව්වරු හැරුණු කොට අනිත් සියලුම ගර්භණී මව්වරු ක්‍රියාකාරීව තමන්ගේ එදිනෙදා වැඩවල නියැළීම ඉතා වැදගත් වේ. නිරෝගී ගර්භණි අවධියක් උදාකර ගැනීමටත්, දරු ප්‍රසූතිය පහසු කරගැනීමටත් මෙම ව්‍යායාමශීලී ක්‍රියාකාරිත්වය හේතු පාදක වේ.
නුසුදුසු විටමින් වර්ග
සමහර විටමින් පෙතිවල කලලයට හානි විය හැකි විටමින් ඒ අධි මාත්‍රාවන් තිබිය හැකි නිසා වෛද්‍ය අවවාදවලින් තොරව බෙහෙත් භාවිතය ප්‍රථම මාස 3 ඇතුළත අනුමත නොකෙරෙයි. පීකුදු වැනි විටමින් ඒ අධික ලෙස අන්තර්ගත ආහාර නිතර අනුභව කිරීම ගර්භණී අවධියේදී සිදු නොකළ යුතුවේ.
බෙහෙත් භාවිතය
පළමු මාස 3ක කාලය ඇතුළත බෙහෙත් භාවිත කිරීම හැකි පමණින් අවම කළ යුතු වන්නේ එමගින් දරුවාට හානියක් විය හැකි බැවිනි. එම කාලයේදී ඕනෑම බෙහෙතක් ගැනීමට පෙර එහි ආරක්ෂිතභාවය ගැන වෛද්‍යවරයකු සමග සාකච්ඡා කළ යුතුය.
VDRL,  හෙපටයිටිස් B පරීක්ෂණ
සිපිලස්  (Syphilis) නමැති රෝගී තත්ත්වය හඳුනා ගැනීම සඳහා VDRL පරීක්ෂණයත්, ‍ලේ මගින් බෝවන ඩ් සහ හෙපටයිටිස් ඕ වැනි රෝග තත්ත්ව හඳුනා ගැනීමත් මුල් කාලයේදී සිදුවේ. එම රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීම මුල් අවධියේ සිට ආරම්භ කළ විට එම රෝගීකාරක මවගේ සිට දරුවාට සම්ප්‍රේෂණය වීම අවම වේ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
රුවන් චන්දන සිල්වා

Related posts

දියවැඩියාව පාලනයට ගත යුතු හොඳම ආහාර වට්ටෝරුව මෙන්න

Shiran Viraj

දියවැඩියාව අක්මාවේ මේදය හා පිළිකා දුරු කරන දිව ඔසුව කළුදුරු – Black Seed

Shiran Viraj

අලිගැටපේර, ඔලිව්තෙල්වල අඩංගු ශාක තෙල් ආයු කාලය දීර්ඝ කරන බව හෙළිවේ

Shiran Viraj