mediahumanrights.lk
Local NewsNews

සිව්දින නිල සංචාරයකට අගමැති අද ඔස්‌ටේ්‍රලියාවට

Related imageඔස්‌ටේ්‍රලියානු රජයේ ආරාධනයක්‌ මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිව්දින නිල සංචාරයක්‌ සඳහා අද (13 දා) ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව යැමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට හැත්තෑ වසරක්‌ පිරීම ද මේ සංචාරයේ එක්‌ නිමිත්තකි.
ඔස්‌ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු අමාත්‍යවරුන් සමඟ මෙල්බර්න් සහ කැන්බරා නගරයන්හිදී පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා රැසකට අගමැති ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගි වන අතර ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර සබඳතා තව තවත් තහවුරු කෙරෙන ගිවිසුම් කීපයකට ද මේ සංචාරයේදී අත්සන් තැබෙනු ඇත.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්‌ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ද මේ සංචාරයට එක්‌වීමට නියමිතය.

Related posts

බස් රථවල බැටරි ගලවන ජාවාරමක්…

Shiran Viraj

රූපවාහිනී ලාංඡනයෙන් සැළලිහිණියා පියඹා යයිද..? රටම කතාකළ පුවත ගැන රූපවාහිනියෙන් නිවේදනයක්..!

Shiran Viraj

"සමයං" වෙනුවෙන් බිරිඳ ලොකු ඉලක්කයක.. දරුවා ගැන ඇය කියන කතාව

Shiran Viraj
Translate »