28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

වසර 12ක්‌ තිස්‌සේ නිදහස්‌ උත්සව සැමරීමට ජර්මනියෙන් එන බ්ල්ක්‌

වසර දොළහක්‌ තිස්‌සේ ලංකාවේ නිදහස්‌ උත්සවය සැමරීම සඳහා මෙරටට පැමිණෙන ජර්මන් ජාතිකයකු කොග්ගල ලොන්ඡ් බීච් හෝටලයේ දී අපට හමුවිය. ඔහු නිදහස්‌ උත්සවය සැමරීම සඳහා මෙරටට පැමිණෙන්නේ ජර්මනියේ තවත් කණ්‌ඩායමක්‌ සමඟය. හේ බ්ල්ක්‌ හාට්‌මුට්‌ය. බ්ල්ක්‌ හාට්‌මුට්‌ මෙවර 69 වැනි නිදහස්‌ උත්සවය සැමරීම සඳහා පැමිණියේ ජර්මනියේ සිට තවත් 14 දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ සමඟය.
සිංහල ජාතික ඇඳුමෙන් සැරසි ඔහු ඇතුළු පිරිස ජාතික නිදහස්‌ උත්සවය සමරති. ඒ කොග්ගල බීච් හෝටලයේ දීය. බ්ල්ක්‌ හාට්‌මුට්‌ නිදහස්‌ උත්සවය සැමරීම සඳහා සෑම වර්ෂයකම මෙරටට පැමිණීමට පුරුදුව සිටිති. හේ වෘත්තියෙන් ගුරුවරයෙකි. මිට අමතරව වසර 12 ක්‌ ජර්මන් හමුදාවේ සොල්දාදුවකු ලෙස ද ඔහු සේවය කොට ඇත.
බ්ල්ක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් පළදනු ලබන කුරහන් සාඨකයට දැඩි ලෙස ඇලුම් කරන්නේය. ඔහු හිටපු ජනාධිපතිවරයා අනුකරණය කිරීමට දැඩි කැමැත්තක්‌ දක්‌වන්නෙකි. හිටපු ජනාධිපතිවරයා මෙන් කුරහන් සාඨකය පැළඳගෙන මොහු බීච් හෝටලයේ පැවැත්වෙන ජාතික නිදහස්‌ උත්සවය අමතන්නේ මහත් ආඩම්භරයෙනි.
මම මුලින්ම ලංකාවට ආවේ 2004 වර්ෂයේ දී. සුනාමියට කලින් මා ජර්මනියට ගියා. නමුත් සුනාමියෙන් විපතට පත් ලංකාවේ අයට උදව් කළා. 2005 වර්ෂයේ ඇවිත් තමයි මුලින්ම නිදහස්‌ උත්සවය සැමරුවේ. ඊට පස්‌සේ නොකඩවා මේ දිනයට ලංකාවට ඇවිත් නිදහස්‌ උත්සවය සමරණවා. පෙරවාරි 04 ලංකාට වැදගත් දිනයක්‌. ඒ දිනයට ලංකාවට දෙවියන් වඩිනවා. එළිසබත් රැජිනගෙන් ලංකාව නිදහස්‌ වීම ගැන ගොඩක්‌ සතුටුයි. මගේ දෙවැනි නිවහන තමයි ලංකාව. ලංකාවේ මිනිස්‌සු හරි සුහදයි. මම ලංකාවට ආදරෙයි. මැරෙනකම් නිදහස්‌ දිනය සමරන්න ලංකාවට එනවා.
මගේ වැඩිමහල් සහෝදරයා විවාහ වුණෙත් ලංකාවේදී. මා ජර්මනියේ අයට කියන්නේ විනෝදයක්‌ ගත කරන්න එනවානම් ලංකාවට එන්න කියලා. ලංකාවේ පරිසරයට සුන්දරත්වයට මා කැමතියි. හිටපු ජනාධිපතිතුමා වගේ මේ සාඨකය දාගෙන ඉන්න කැමතියි. හබරාදූවේන් තමයි මහන අයකුට කියලා සාඨකය මහ ගත්තේ.
මා හදවතින්ම ලංකාවේ නිදහස දිනය සමරණවා. සමහරක්‌ වසරවල මා වර්ෂයකට දෙවතාවක්‌ ලංකාවට එනවා. මේ වනවිට 16 වතාවක්‌ ලංකාවට ඇවිත් තියෙනවා. ලංකාවේ ඉන්නේ කන්න නැතිවුණත් හිනාවෙන මිනිස්‌සු. ඒ අය බොහොම හොඳයි. මම ලෝකයේ වෙනත් රටවලත් සංචාරය කරලා තියෙනවා. නමුත් ලංකාවේ ඉන්නේ හිනාවෙලා ඉන්න මිනිස්‌සු. හිටපු ජනාධිපතිතුමාට මා කැමතියි. නමුත් හේතුවක්‌ දන්නේ නැහැ. මා හිටපු ජනාධිපතිවරයාගේ ජාතික ඇඳුමට හා සාඨකයට ගොඩක්‌ කැමති බවද බ්ල්ක්‌ කිවේය.

Related posts

ගෑස් මිල 300කින් ඉහලට…?

Shiran Viraj

රත්‍රං හෙව්ව 3ට වැඩ වරදී

Shiran Viraj

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ අනුමැතිය

Shiran Viraj