29.5 C
Colombo
2026-08-07
mediahumanrights.lk
Local NewsNews

යාපනයේ පාතාල කල්ලි 17 ක්‌ අල්ලන්න පොලිස්‌ මෙහෙයුම්

යාපනය අර්ධද්වීපය තුළ ක්‍රියාත්මක වන සන්නද්ධ පාතාල කණ්‌ඩායම් 17 කට අයත් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැවැන්ත මෙහෙයුම් ආරම්භ කර ඇත.
පොලිස්‌ නිලධාරීන් 200 කට ආසන්න පිරිසක්‌ යොදවා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මේ වන විට පාතාල කල්ලි තුනකට අයත් සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
යාපනය අර්ධද්වීපයේ පොලිස්‌ ස්‌ථාන 17 ක්‌ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර පුරා සතියක්‌ තිස්‌සේ මෙම මෙහෙයුම් පැවැත්වෙයි.
යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති සංජීව ධර්මරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙහෙයුම් දිවා කාලයේදී සහ රාත්‍රි කාලයේදී ක්‍රියාත්මක වේ.
යාපනය අර්ධද්වීපයේ සිටින පාතාල කල්ලි සාමාජිකයන්ට සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තමන් සතු අවි ආයුධ සමඟ ළඟම ඇති පොලිසිය වෙත භාර වන ලෙස ද පොලිසිය මෙම පුද්ගලයන්ට දැනුම් දී ඇත.
පසුගිය කාලසීමාවේදී යාපනයේ ක්‍රියාත්මක වන පාතාල අපරාධකරුවන් සාමාන්‍ය ජනතාවට විවිධ හිංසාවන් කළ බවට පැමිණිලි පොලිසිය වෙත ලැබී තිබිණි. මොවුන් යාපනයේ ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම ධනවත් පුද්ගලයන්ගෙන් කප්පම් ලබාගැනීම ද ඉහළ ගොස්‌ තිබූ බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

Related posts

බැංකු පොලිය තව දුරටත් පහලට…

Shiran Viraj

ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..

Shiran Viraj

ෆේස් මාස්ක් අනිවාර්ය නීතිය ඉවතට….

Shiran Viraj
Translate »