2026-09-25
mediahumanrights.lk
International NewsNews

මහ ඇමැති පුටුවට පෙරුම් පිරූ ශෂිකලා වසර 4 ක්‌ සිරගෙට

තමිල්නාඩු මහ ඇමැතිනිය වීමට පෙරුම්පුරමින් සිටි ශෂිකලාගේ බලාපොරොත්තු සුන්කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (14 දා) ඇයට වසර හතරක සිර දඬුවමක්‌ හා ඉන්දීය රුපියල් කෝටි 10 ක දඩයක්‌ නියම කරනු ලැබීය.
ශෂිකලා වහාම අධිකරණය වෙත භාරවිය යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 61 හැවිරිදි වියේ පසුවන ශෂිකලාට එරෙහි දූෂණ නඩුව වසර 21 ක්‌ තිස්‌සේ විභාග විය. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව නිසා ඇයට වසර 10 ක්‌ යනතුරු මහ ඇමැති ධුරයට පත්විය නොහැක.
ඉන්දීය රුපියල් කෝටි 66 ක්‌ වූ දූෂණ නඩුවේ දෙවැනි සැකකාරිය වූයේ ඇයයි. මෙම දූෂණ නඩුවට අදාළ සියලු ලියකියවිලි ඉන්දීය රහස්‌ පොලිසිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ශෂිකලා මෙන්ම මෙම දූෂණ නඩුවේ පළමු විත්තිකාරිය වූයේ හිටපු මහ ඇමැති ජයලලිතායි.

Related posts

‘සාමාන්‍ය යාන්ත්‍රණය ඉක්මවා මෙහෙයුම් අවශ්‍යයි’ – ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිගෙන් කඩිනම් උපදෙස්

Shiran Viraj

වෛද්‍ය චමල් සංජීව CID කැදවයි..

Shiran Viraj

සෝලා විදුලි ඒකකයක් රුපියල් 16ට අඩු කරන්න යයි..

Shiran Viraj
Translate »